අරගලය අතරතුර ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් 08 ක් අත්අඩංගුවට

Date:

පසුගිය මැයි 09 වැනිදා සහ ඉන් අනතුරුව ඇති වූ කඩාකප්පල්කාරී සිදුවීම්වලට සම්බන්ධ බවට සැකපිට තවත් පුද්ගලයන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැයි 09 වැනිදා කඩුවෙල ප්‍රදේශයේදී බස් රථයක් ගිනි තැබීමේ සිදුවීමට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයන් සිව් දෙනෙකු කඩුවෙල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් අවුරුදු 19,20,29,40 යන වයස්වල පසුවන පුද්ගලයන් වේ.

මෙම සැකකරුවන් අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර මැයි 10 වැනිදා, බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සහ තවත් පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

31,51,52 යන වයස්වල පසුවන මෙම සැකකරුවන් කොළඹ හා පිටබැද්ද යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසනවා.

ජුලි මස 09 වැනිදා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ඇතුළු වී භාණ්ඩ සොරකම් කිරීම හා නිවසට ගිනිතබා විනාශ කිරීම යන චෝදනා මත ඊයේ රාත්‍රී කොට්ටාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිසක් විසිනි.

ගල්බොක්ක, අරණායක ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම පුද්ගලයා අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...