කෘෂි ආශ්‍රිත ගුදම් හා කර්මාන්ත ව්‍යාපෘතියක් සඳහා Dambulla Agro Cool සමාගමට ඉඩමක්

Date:

කෘෂි ආශ්‍රිත ගුදම් හා කර්මාන්ත ව්‍යාපෘතියක් සඳහා Dambulla Agro Cool Holdings (Pvt) Ltd. සමාගම වෙත දඹුල්ල ප්‍රදේශයේ පිහිටි, නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජකයින් වෙතින් තරඟකාරී පදනම මත ආයෝජන යෝජනා කැඳවීම පිණිස 2020 10 19 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබිණි.

එලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවක් අනුව නාගරික සංවර්ධන අධිකාරියට අයත් දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි රූඩ් 03 පර්චස් 17.75ක ඉඩම් කොටසක් කෘෂි ආශ්‍රිත ගුදම් හා කර්මාන්ත ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස බදු පදනම මත ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ස්ථාවර සාකච්ඡා සම්මුති කමිටුව විසින් අනුමත කර ඇත.

ඒ අනුව, එකී ඉඩම් කොටස වසර 30ක කාලසීමාවක් සඳහා Dambulla Agro Cool Holdings (Pvt) Ltd. වෙත බදු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...