මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේම නිවසක ජීවත්වීමේ අයිතිය අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවා – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

මෙරට ග්‍රාමීය, නාගරික, උඩරට වතු ක්ෂේත්‍රය, පහතරට වතු ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, මධ්‍යම පාන්තික පිරිස්, ආපදාවකින් හානියට ලක්වුණු පුද්ගලයින් යන කොටස් සියල්ලේම නිවාස වැඩසටහන් එකට එක්කර ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට ඉදිරි සමගි ජන බලවේගයේ රජයක් යටතේ පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“විශේෂයෙන්ම අපේ ප්‍රතිපත්තිය තමයි ගම් හදා, නගර හදා, රට හැදීම. අපේ ප්‍රතිපත්තිය තමයි නැවතත් වරක් ඉඩමක් නිවසක් නොමැති ජනතාවට ඉඩම් ටික නිවෙස් ටික ලබාදීමේ ක්‍රමවේදය, අලුත් ගම් උදාව වැඩසටහන ක්‍රියාත්මක කිරීම. මේ රටේ ග්‍රාමීය, නාගරික, උඩරට වතු ක්ෂේත්‍රය, පහතරට වතු ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය, මධ්‍යම පාන්තික පිරිස්, ආපදාවකින් හානියට ලක්වුණු පුද්ගලයින්, මෙන්න මේ කොටස් ගණනාවකගේම නිවාස වැඩසටහන් එකට එකතු කරලා ජාතික නිවාස ප්‍රතිපත්තියක් සම්පාදනය කරලා, මේ රටේ හැම පුරවැසියෙකුටම තමන්ගේම නිවසක ජීවත්වීමේ අයිතිය අපි අනිවාර්යයෙන්ම ලබාදෙනවායි කියන එක මම මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ නාච්චාදූව ප්‍රදේශයේ පැවති ප්‍රචාරක රැලියක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයට ප්‍රබල ටයිෆූන් කුණාටුවක් – මිලියන 1.9කට අධික පිරිසකට ඉවත් වන ලෙස දැනුම් දෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: පැයට කිලෝමීටර් 130-...

ට්‍රම්ප් සමග වෙළඳ යුද්ධය අතරතුර කැනඩාව හා ප්‍රංශය අතර ආර්ථික හා ආරක්ෂක සබඳතා ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 21: ප්‍රංශ ජනාධිපති එමානුවෙල්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක් පත්කරයි!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන...

අගෝස්තු මාසයේදී ජාතික උද්ධමනය 8% ඉක්මවා ඉහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට (NCPI) අනුව 2026 අගෝස්තු මාසයේ...