තිරිඟු පිටි, කිරිපිටි, සිමෙන්ති ඇතුළු භාණ්ඩ 48කට අදාළව අතිවිශේෂ ගැසට්ටුවක්

තිරිඟු පිටි, කිරිපිටි, සහල්, ටින් මාළු, සිමෙන්ති, වානේ කම්බි ඇතුළු භාණ්ඩ වර්ග 48ක් නිෂ්පාදනය, ආනයනය සහ අලෙවි කිරීමට අදාළ කොන්දේසි පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

පාරිභෝගිකයින් විසින් එම භාණ්ඩ ඉල්ලුම් කළ විට නොපමාව ඒවා සැපයිය යුතු බවත් අමුද්‍රව්‍ය හිඟයක් හො වෙනත් සාධාරණ ගැටලුවක් නොමැති නම් නිෂ්පාදනයේ උපරිම ධාරිතාවක් පවත්වා ගතයුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන්.

එමෙන්ම එම භාණ්ඩ අලෙවියේදී පාරිභෝගිකයින් වෙත ඉලෙක්ට්‍රොනික කුවිතාන්සියක් ලබාදිය යුතු අතර එම කුවිතාන්සියේ පිටපතක් අලෙවි කන්නා සන්තකයේ පවත්වාගත යුතු බවත් එයින් නිවේදනය කර ඇත.

එම සම්පූර්ණ ගැසට් නිවේදනය වෙත මෙතැනින් යොමුවන්න …

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...