කාලගුණය අයහපත්, නාවික හමුදා කණ්ඩායම් 35 ක් සීරුවෙන්

Date:

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මේ වනවිට ප්‍රදේශ රැසක ජනජීවිතය අවදානමට ලක්ව තිබෙනවා. ඊයේ සහ අද දිවයිනේ ඇතැම් ප්‍රදේශවලින් මිලිමීටර් 150 ඉක්මවන වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර මේ නිසා ගංගා කිහිපයක ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ප්‍රදේශ කිහිපයකට ඊයේ නායයාමේ අවදානම් නිකුත් කළ අතර එය තවදුරටත් ක්‍රියාත්මක වේ.

මෙම තත්වය මත පීඩාවට පත්වන ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 35 ක් සූදානමින් සිටින බව නාවික හමුදාපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පවසනවා. බටහිර නාවික විධානය මගින් කොළඹ, කළුතර, රත්නපුර යන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 26 ක් ස්ථාපිත කර ඇති අතර දකුණු නාවික විධානය මගින් ගාල්ල, හම්බන්තොට දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සහන කණ්ඩායම් 09 ක් ස්ථාපිත කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...