පවන රළු විය ….

Date:

සුනිල් ආරියරත්නගේ පවන සංගීත පබැඳුම තුල අමු කැළෑ ගිනිතැබූ තාලය කැවූ රළු සටන් පාඨ මිසක ගැඹුරු දර්ශනයක් සාහිත්‍යයක් තිබුනා යැයි මම දැන් නොසිතමි…

එදා නොමේරූ සිත් තිබූ නව යොවුන් තරුණයන්වූ අප බැටරි කෑලීවලින් වැඩකරන කුඩා කැසට් රෙකෝඩරයකින් පවන ප්‍රසංගය ඇසුවේ දත් මිටි සපමින්ය. එහි ගීත අසන අතර වාරයේ අපගේ අත්පාවල හිරිගඩු මතුවී රෝම කූප කෙලින් වී තිබුනා මට මතකය..

සුනිල් එදා පවනේ රළු සටන් පාඨ ප්‍රබන්ධ නොකර සිටියේ නම් 88,89, දී මියගිය තරුණ ජීවිත හැටදාහෙන් දහ පහලොස් දාහකගේවත් ජීවිත බේරී තිබීමට ඉඩ තිබින යැයි මට දැන් සිතේ..

සුනිල් පවන ලඟට ඊළඟට කරපු කැසට් පටයේ තිබුන “තුන් හෙලේ කැළෑ තුල සිංහ පැටව්” ගීතය උතුරේ යුද්ධයට සෙබළුන් බඳවාගැනීම සඳහා හමුදාව විසින් ලවුඩ් ස්පීකර් හරහා ඇහෙන්නට සලස්වමින් රට පුරා ගියා මට මතකය..විශෙෂයෙන් ඒ සින්දුව දකුණේ ජාතිවාදය ඉහලට එසවුන සෑම විටකම උජාරුවට ඇහෙන්ට තිබුනා..

මෙහිදී සුනිල්ගේ පවනේ සින්දු ගත්තත් සිංහ පැටව් ගීතයට වඩා ලොකු වෙනසක් තිබ්බේ නෑ… පවනේ ඔහු ප්‍රතිසංස්කරණය කර ලියූ ගීතයක් වූ “අනේ කුඹින්නේ තොපටත් රජෙක් ඉන්නේ, අපට නැත ඉන්නේ, රජෙක් ලැබුනොත් කැවුම් කිරි බත් කඤ්ඤං” ගීතය හරහා මතුකල මුග්ධ මතවාදී සුලියේ පරිසමාප්තිය අවසන් වූයේ මහින්දව මහ රජ කරවීමෙන්ය.. අවසානයේ මහින්ද රජ කරවූ සුනිල් කී සතුටේ කිරිබත අපට කෑමට සිදුවූයේ දෙමළ ලේ සමඟිනි….

එසේම පවනේ තිබු “දෙමළා උනත් විරුවෙකු නම් ගරු කරනු” ගීතය තුල ” උනත්” යන පදය තුලින් පිට පැන්නේ ඔහු තුල සැඟව තිබූ සිංහලෝත්තම වර්ගවාදය බව තතු දන්නෝ දනිති…පවනේ තිබූ “බුදුන් දහම් සඟ තෙරුවන් වැඳ අවසර රැගෙන සුරල්, අසන් මහතුනේ අනාත රටක වැයෙන විරිදු සුරල්” ගීතය තුලින් එළියට පැන්නේද ඔහුගේ ජාතිකවාදී, ආගම්වාදී, අතීතකාමී, දේශප්‍රේමී ආත්මයේම පිටපතෙකි, එසේම ඒ අවදියේ නැගලා ගිය රොමෑන්ටික් ඉන්දියන් විරෝධයද ඒ ගීතයේ අඳ බාල ලෙස අන්තර්ගතව තිබින..

ඒ කෙසේ වෙතත් පවනෙන් “කතරගමෙන් පිටමංවී යනු මුරුගා” යැයි කියමින් මුරුගා එලවා දැමූ ඔහුම දසක කීපයකට පසු මුරුගා ගැන මහ ඉහලින් චිත්‍රපට ලිවීම මතවාදීව කොලෑවූ ඔහුගේ ධෛවයේම සරදමක් ලෙස අද මම සිතමි..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...