අයවැය විවාදයේ කපුටු කතා !

Date:

මුදල් අමාත්‍යවරයා ලෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතුරු අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙම අයවැය හැඳින්වූයේ කපුටු කූඩුවේ දැමූ කොහෝ බිත්තරයක් ලෙසයි.

රනිල් වික්‍රමසිංහ මහතා, පුද්ගලික අංශයට මුල්තැන දෙන නව ලෝකය සමග එකතු වූ තරගකාරීත්වය වැඩිකළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කරන නමුත් පොදුජන පෙරමුණේ රාජපක්ෂලා ප්‍රමුඛ ලිංමැඩි ආර්ථික කල්ලිය ඉඩ දෙනු ඇතැයි සිතිය නොහැකි බව මන්ත්‍රීවරයා පසුගිය 31 වැනිදා ප්‍රකාශ කළේය.

හර්ෂ ද සිල්වා මහතාගේ කපුටු කූඩුවේ කොහෝ බිත්තර කතාව සම්බන්ධයෙන් අයවැය විවාදයේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගෙන් විවේචන එල්ල විය. අද අයවැය විවාදයට එක් වූ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ප්‍රකාශ කළේ කොවුලා හැමදාම බිත්තර දැමූයේ කපුටාගේ කූඩුවේ බවයි. කපුටා කිසිදු වෙනසක් නොමැතිව පියඹා යාමට හැකිවන තෙක් කොවුල් පැටවුන් ඇතිදැඩි කරන බවද ඔහු පවසනවා.

කපුටා යනු සෙනසුරු දෙවියන්ගේ වාහනය බවත්, එනිසා කොවුල් පැටියා කපුටු කූඩුවේ සිටින තාක් සෙනසුරු දෙවියන්ගේ ආශිර්වාදය කොවුල් පැටියාට ලැබෙන බවද රංජිත් බණ්ඩාර මහතා සඳහන් කරනවා.

රංජිත් බණ්ඩාර මහතාගෙන් පසුව විවාදයට එක් වූ සමගි ජන බලවේගයේ රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය සඳහන් කළේ විෂ්ණු දෙවියන්ට බටකොල කැව්වේද සෙනසුරු දෙවියන් බැවින්, සෙනසුරු දෙවියන්ගේ ආරක්ෂාව මැද සිටින කොවුල් පැටවුන් පරෙස්සම් වියයුතු බව මන්ත්‍රීවරිය අවධාරණය කරනවා.

මේ අතර ඊයේ අයවැය විවාදයේදී අදහස් දැක්වූ ඩයනා ගමගේ මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගේ කතාව ඇසූ තමාට සිනා නොවී සිටීමට නොහැකි වූ බවයි. සමගි ජන බලවේගය සිදු කළේද තමාට අයත් කූඩුවේ බිත්තර දැමීම බවත්, එනිසා තමන්ගේම නායකයාට අපහාස කිරීමෙන් වැළකී සිටින්නැයි හර්ෂ ද සිල්වා මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...