සජිත් දෙමළ ජන්ද උදුරාගැනීමට කළ උත්සාහය ආසාර්ථක වුණා – ජනපති කියයි

Date:

කොළඹ LNW:ජනාධිපතිවරණයේ දී දෙමළ ඡන්ද තමාගෙන් උදුරාගැනීමට සමගි ජන බලවේගය දැරූ උත්සාහය මේ වනවිටත් අසාර්ථක වී ඇති බවජනාධිපති ධූර අපේක්ෂක වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (02) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 73 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

ඇතැමුන් රට ගැන කතා කළද හිතන්නේ තමුන් ගැන වන අතර පි එතනින් වෙනස්ව රට ගැන සිතා රට ගැන කතා කරන බවයි වික්‍රමසිංහ මහතා කියාසිටියේ.

අපේ අරගලය රටේ වෙනසක් ඇති කිරීම බවද හෙතෙම සඳහන් කළේය.

“අපි හොඳයි, නරකයි දෙකම භාරගන්නවා. සමහරුන්ට වගේ අපිට අතීතය අමතක වෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම අපේ ඉතිහාසය හිස්වෙන්නේ නැහැ. හොඳයි නරකයි දෙකම දාලා අපි කතා කරගමු.ඇයි මම මෙතනද එන්නේ. අපිට හැමවෙලේම රට ගැන මතයක් තිබුණා. රට යායුතු මාර්ගය ගැන විවිධ අදහස් තිබුණා. ඒත් රට ගැන තමයි හිතුවේ. මේ රට ගැන අපිට හිතන්න වුණා 2022දී. සාම්ප්‍රදායික දේශපාලනය අනුව නායකයෝ නැතිවුණා. එක පැත්තකින අගමැති මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වුණා. මොකක්ද ඊටපස්සේ වුණේ විපක්ෂ නායකයා ආවද අගමැතිකම භාරගන්න. අනුර දිසානායක මැතිතුමා ආවද අගමැතිකම භාරගන්න. ඒගොල්ලෝ පැනල ගියා. අපි එකතුවෙලා කොහොමහරි ආණ්ඩුවක් හැදුවා. අපි එකතු නොවුණානම් මොකක්ද සිදුවෙන්නේ. අපි රට බේරාගත්තා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බේරාගත්තා. අපි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය බේරා ගත්ත නිසා තමයි අද ජනාධිපතිවරණය තියන්න පුළුවන් වෙලා තියෙන්නේ. කවුරුත් හිතුවේ නැහැ අපිට රට බේරගන්න පුළුවන් වෙයි කියල. අපි කොහොමහරි මේ රටේ ආර්ථිකය ගොඩගත්තා. මම ඉදිරිපත් වුණේ ස්ථාවරභාවය තහවුරු කරන්න. මේ රටට ශක්තිමත් ආර්ථිකයක් දෙන්න. මේ රට ඉදිරියට ගෙනියන්න.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ආශිකා බ්‍රාහ්මණ

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හල්ලොලුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: අද (18) දින ජාතික...

පොලිතින් හා සම්බන්ධ පරිසර සම්මේලනයක්, ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී!

සටහන – රත්නපාල ගමගේ ස්විට්සර්ලන්තය (LNW) : ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර...

Celebrity Buzz: “One Battle After Another” තුළින් එන ඩිකැප්‍රියෝගේ වෙනස් මුහුණුවරක්!

සෑම සඳුදා දිනකම “Celebrity Buzz” තුළින් ඔබට සෙලිබ්‍රිටි ගොසිප්ස්,...

2025 වසරේ ගුවන්ගමන් වාරවල 16%ක වර්ධනයක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2024 වසරට සාපේක්ෂව 2025...