අපි සියළුම දෙනා එකට එක්ව නැවත මේ රටේ පාලනය ජනපති රනිල්ට දිය යුතුයි – එස්. සදාසිවම්

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 03 , කොළඹ (LNW):

ඉදිරියටත් මේ රට සංවර්ධනය කර ජනතාවට සහන දීමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රී එස්. සදාසිවම් මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවකට එක් වෙමිනි.

මාධ්‍ය වෙත අදහස් දැක්‌වූ එස්. සදාසිවම් මහතා ප්‍රකාශ කර සිටියේ,

” මේ රට මෙයට අවුරුදු දෙකකට පමණ පෙරදී දැඩි අර්බුදයකට ලක් වුණා එදා මේ රට බාර ගන්න සමහර නායකයන් මග හරිද්දී මේ රට භාර ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා මේ රට යම් තත්ත්වයකට රැගෙන ආවා.

අද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ඉල්ලන්නේ මේ රට වැටී තිබූ තත්ත්වයෙන් යම් තරමින් ගොඩ අරගෙනයි එම නිසා අපි සියළුම දෙනා එකට එක්ව නැවත මේ රටේ පාලනය රනිල් වික්‍රමසිංහ මහතාට භාර දීමට පියවර ගත යුතුයි.

රනිල් වික්‍රමසිංහ කියන්නේ වසර ගණනාවක අත්දැකිම් ඇති ජාත්‍යන්තරයේ සහායෝගය ලබා ගන්න පුළුවන් උදාර නායකයෙක් එම තත්ත්වයන් මත රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහාණය උදෙසා ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සියළුම සමාජිකයන් එකට එක්ව කටයුතු කරනවා

This image has an empty alt attribute; its file name is IMG-20240819-WA0055-1024x1024-15.webp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් සමඟ අගමැති නරේන්ද්‍ර මෝදි සරුංගල් යවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අගමැති නරේන්ද්‍ර මෝදි...

සමසෞඛ්‍ය විරෝධය යළි ඇරඹෙයි. මහ වැසි නොතකා උද්ඝෝෂණයේ! (PHOTOS)

කොළඹ LNW:සම සෞඛ්‍ය උපාධිය රැකගැනීම සඳහා ව්‍යාපාරය විසින් අද...

කමේනිට මරණය: ඇමරිකාව හා ඊශ්‍රායලය මැදිහත්වුවහොත් ඉරානය යුද්ධයකට සුදානම්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ දින ගණනක්...

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම – නාමල්ට විවෘත ලිපියක්!

“මව්වරුන්” මැයෙන් පොහොට්ටුවේ කාර්යමණ්ඩල ප්‍රධානී නටන නාඩගම - නාමල්ට විවෘත ලිපියක්!