ජනපති රනිල් කියුබාවට !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 15 සහ 16 කියුබාවේ හවානා නුවර පැවැත්වෙන G 77 සමුළුවට සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

රටවල් 134 ක සාමාජිකත්වයෙන් සමන්විත G 77 සංවිධානය සාමුහික ආර්ථික අවශ්‍යතා ප්‍රවර්ධනය කිරීම සහ ඒකාබද්ධ කේවල් කිරීමේ බලය වැඩිදියුණු කරගැනීමේ අරමුණින් 1964 වසරේදී නොබැඳි ප්‍රතිපත්තිය යටතේ ආරම්භ කෙරුණකි.

“සංවර්ධනයේ වත්මන් අභියෝග : විද්‍යාවේ, තාක්‍ෂණයේ සහ නවෝත්පාදනයේ කාර්යභාරය” මැයෙන් යුතුව මෙවර සමුළුව පැවැත්වෙන බව සඳහන්.

ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව ඇමරිකාවේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල රැස්වීමට ද සහභාගී වීමට නියමිත ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගල්කිස්සේ මාරක අනතුරක්. 67 හැවිරිදි පුද්ගලයෙක් මරුට!

කොළඹ LNW:ගල්කිස්ස, ගොළුමඩම බොරුපන අතුරු මාර්ගයේදී සිදු වූ අනතුරකින්...

ප්‍රශ්න තියෙනවා නම් හදුන්ගෙන් අහන්න

කොළඹ LNW:කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශයේ සේවාවන් සම්බන්ධයෙන් ඔබට...

ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ඇමරිකානු සම්බාධක වැටෙයිද? විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

කොළඹ LNW:ශ්‍රී ලංකාව ආසන්න ජාත්‍යන්තර මුහුදේ ගැංඟුරම්ලා ඇති ඉරාන...

රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක අභාවප්‍රාප්ත වෙයි

කොළඹ හිටපු නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ පුත්‍රයා වූ කනිෂ්ක...