*
Sunday, May 19, 2024
spot_img

Latest Posts

ආසියානු රග්බ් සභාපතිගේ සීතාම්බර සළු පෙරහැර පෙන්වන ආසියානු ක්‍රිඩා උළෙලේ සංවිධායක මණ්ඩලය

ආසියානු රග්බි ප්‍රධානියා විසින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව සම්බන්ධයෙන් ගෙන යන වෛරි ප්‍රතිපත්තිය මෙන්ම ඒ සඳහා දායකත්වය දුන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා බලධාරීත්වයද මේ දක්වා කටයුතු කර ඇත්තේ සීතිම්බර සළු පැළදගෙන බව මේ වන විට පැහැදිළිව හෙළිදරව් වෙමින් ඇත.විශේෂයෙන් ආසියානු රග්බි සම්මේලනයේ බලය සියතට ගෙන එහි සභාපතිවරයා විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කරගෙන යනු ලබන ක්‍රියාවලිය ආසියානු ක්‍රීඩා උළෙලේ වැඩබලන ප්‍රධානියා වන විනෝද් තිවාරිගේ මැදිහත්වීමත් සමඟ පැහැදිළි වෙමින් ඇත.එයට හේතුව ඔහු සභාපතිවරයා වෙද්දී එවකට ශ්‍රී ලංකාව වෙනුවෙන් එහි නිලවරණයට සහභාගි වූ සභාපතිව සිටි ලසිත ගුණරත්න ඔහුට පක්ෂපාතීව ඡන්දය නොදීමත්,පසුව ශ්‍රී ලංකාවේ රග්බි පරිපාලනයේ ස්වාධිනත්වය නොතකා ආසියානු සභාපතිවරයා ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා සමඟ ශ්‍රී ලංකා රග්බි සමඟ ගත් තීරණ ගැන රිස්ලි ඉල්ලියාස් සභාපතිවරයා ආසියානු සභාපතිවරයාට දොස් පැවරීමත්ය.
මේ වන විට ඡන්දය නොදීමෙන් ඇති වූ ගැටළුව සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට අනතුරු අඟවා ආසියානු සභාපතිවරයා එවතට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාට එවූ ලිපිය වැනි කාරණා මේ වන විට සැඟවුණු කොටස් බවට පත් වී ඇත්තේ ආසියානු සභාපතිවරයාගේ මුග්ධ හැසිරීමට ඉඩ දෙන වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකත්වයේ ලසිත ද සිටින නිසාය.


ආසියානු සභාපතිවරයාට ශ්‍රී ලංකාවේ රගර් සම්බන්ධයෙන් ඇති වෛරය අනුව එහි කීර්තිය දඩයම් කිරීමට පහසුකම් සපයන්නෙක් ලෙස ඔහු යොදා ගන්නේ ඔහුගේ ශ්‍රී ලංකා හිතවතෙක් මෙන්ම හිටපු රගර් සභාපතිවරයෙක් වන අසංග සෙනවිරත්නය.ඔහු ශ්‍රී ලංකාවේ රගර් සභාපතිව සිටියදී විදේශ ක්‍රීඩකයන් නිසි ක්‍රමවේදයකින් තොරව ශ්‍රී ලංකාවට ක්‍රීඩා කරවීම නිසා ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් පනවන ලද,අදටත් කොටස් වශයෙන් ගෙවෙමින් පවතින පවුම් 50000 ක දඩයකට ශ්‍රී ලංකාව යටත් කරවීමට කටයුතු කළ පුද්ගලයෙක්ය.දඩ ගෙවිම සඳහා ශ්‍රි ලංකාවට සිඳු වූ එම සිදුවීම කරන්නට නායකත්වය දුන් පුද්ගලයෙක් රටේ කීර්තිය ගැන නොසිතා හැසිරීම විය හැක්කක් වුව ද,රටේ රගර් නායකයෙක්ව සිට ක්‍රීඩා ඇමති වූ නාමල් රාජපක්ෂ ඔහුව ආසියානු සභාපතිවරයා සමඟ එක්ව රගර් උපදේශක සභාවේ සභාපති ලෙස නම් කිරීම එම ක්‍රීඩා අමාත්‍යවරයාගේ රට ගැන තිබෙන හැඟීම පැහැදිළි කිරීමක්ය.
මේ මාෆියාවේ කොටස්කරුවෙක් නොවී රටේ රගර් හී ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන් ආසියානු සභාපතිවරයාට පෞද්ගලිකව කරන ලද රිස්ලි ඉල්ලියාස්ගේ අභියෝගය මත ශ්‍රී ලංකාවේ රගර් තහනම් කිරිමට ආසියානු සභාපතිවරයාට පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරු කදවුරු බැදීම හිරිකිත තත්ත්වයකි.එහිදී තවත් කණගාටුවට කරුණක් වන්නේ මහා ධන උලපතක් වූ ක්‍රිකට් සම්බන්ධයෙන් මැදිහත්වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජිතයන් ද,ධනය හිස් කළ රගර් භාණ්ඩාගාරය නැවත පෝෂණය කරමින්,ජාතික වශයෙන් රගර් ක්‍රීඩාව ඉහළට ගෙන ඒමේ කර්තවයට දායක වෙමින් සිටි ශ්‍රී ලංකා රගර් පරිපාලනය,ආසියානු රගර් සභාපතිවරයාට අභිමානය කෙළෙසන්නට නොදී රැක ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලින් අවදි නොවීමය.විවාද නො’ඉල්ලීමය.රොෂාන් රණසිංහට පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඔස්සේ පාර්ලිමේන්තුවේදී අභූත චෝදනා නගන්නට ඉඩ දී නිහඬව බලා සිටීමය.

මේ මොහොත වන විට ඒ සියලු නිහඬවීම් සමඟ අභිමානයෙන් හැසිරෙමින් සිටි ආසියානු සභාපතිවරයාගේ ක්‍රියා කළාපය ආසියානු ඔලිම්පික් කමිටුව හරහා ප්‍රශ්නකාරී තත්ත්වයකට පත්ව ඇත්තේ ආසියානු සභාපතිවරයාගේ සහ එහි සහයක ශ්‍රී ලංකා ක්‍රිඩාව භාර දේශපාලන පෙරහැරේ නිලමේවරුන් ද,ආඩම්බරකාරී ගමනක යෙදෙන බව පෙන්නුවද ඒ පෙරහැරේ ඔවුන් ගමන් කරමින් සිටින්නේ සීතාමිබර සළු වලින් සැරසී නිරුවතින් බව පැහැදිළි කරමින්ය.මේ වන විට ආසියානු සභාපතිවරයා මෙන්ම ඔහුගේ උවමනාවට ශ්‍රී ලංාවේ ක්‍රීඩාවේ දේශපාලන බල අධිකාරියේද උදහසට ලක්ව සිටි සභාපති ධූරය දැරූ රිස්ලි ඉල්ලියාස් එම තනතුරෙන් ඉවත්වන බවට දැන්වීමත් සමඟය.


දැන් රිස්ලි ඉල්ලියාස්නම් ගැටළුව ඔහු ඉවත් වී ඇත.හරිනම් දැන් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසූ පරිදි ආසියානු සභාපතිවරයා ද පෙන්වා දුන් පරිදි ශ්‍රී ලංකා සත් සාමාජික රගර් කණ්ඩායමට ශ්‍රි ලංකා ඔලිම්පික් ධජය යටතේ නොව ශ්‍රි ලංකා ධජය යටතේ වුව ආසියානු රගර් තරගාවලිය නියෝජනයට අවස්ථාව දිය යුතුය.නමුත් ක්‍රිඩා අමාත්‍යවරයාට දැන් තේරුම් ගැනීමට ඇත්තේ ආසියානු සභාපතිවරයා පවසන අලුත් කතාවෙන් තවමත් ලසිත ගුණරත්න ඡන්දය දීමට ඉදිරිපත් නොවිමෙන් ඇති වූ කෝපයද ආසියානු සභාපතිවරයාට ඇති බවය.එසේම ඒ ගැන වද වෙන්නට අසංග සෙනවිරත්නට ද අවශ්‍යය නැත.ඔහු ඊට පෙරම ශ්‍රි ලංකාවේ රගර් ඉතිහාසයේ ඇති කළ ලොකුම කළු පැල්ලම ඇති කර පවුම් 50000 ක දඩයකට යටත් කළ මොහොතේ ශ්‍රි ලංකාවේ රගර් සභාපතිවරයා ය.
දැන් ආසියානු ඔලිම්පික් කමිටුවට ආසියානු ක්‍රීඩා උළෙලේ රගර් පැවතිය යුතු ආකාරය තීරණය කිරිමේ බලය තමන් සතු බවට තමන්ගේ විධායක නිලධාරියා වන බෙන්ජමින් හරහා තිවාරිට පවන්නට ගොස්,ආසියානු ක්‍රිඩා උළෙලෙන් රගර් ඉවත් වීමේ අවධානමක් කරා රගර් ගෙන යාමට ආසියානු සභාපතිවරයා කටයුතු කරමින් ඇත.එසේ වුවහොත් ආසියානු සභාපතිවරයාට ආසියාවේම රගර් ජාතීන්ගෙ අදහසට ලක්වන්නට සිඳුවනු ඇත.


ශ්‍රි ලංකාවේ අමාත්‍යවරයා මේ දක්වා පැවසු පරිදි ගැටළුව ඉල්ලියාස් නම් මේ මොහොතේ ආසියානු සභාපතිවරයාට ඔහු ඉවත්වීම නිසා ශ්‍රි ලංකාවේ රගර් සහභාගීත්වය සම්බන්ධයෙන් ගැටළුවක් තිබෙන්නට විදිහක් නැත.නමුත් දැන් ආසියානු සභාපතිවරයාගේ මතය වී ඇත්තේ ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමක් සහභාගි නොවීම ගැන ශ්‍රි ලංකාව ඩොලර් 10000 ක දඩයක් ගෙවිය යුතු බවය.
එම සිඳුවීමට හේතු වු ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමට එම ඉරණමට මුහුණ දෙන්නට සිදු වුයේ කොරියානු සංචාරයේදී කණ්ඩායම් නායිකාව අතුරුදහන්වීමත් සමඟ ඇති වු ප්‍රශ්ණය නිසාය.ඒ සම්බන්ධයෙන් යළි කාන්තා කණ්ඩායමක් සහභාගි නොකළ යුතු බවට මතය ගෙනාවේ ක්‍රිඩා අමාත්‍යංශයමය.පැවති පරීක්ෂන නිමා වන විට දින 20 ක පමණ කාලයක් අදාළ තරගාවලිය වෙනුවෙන් පැවති අතර එම තත්ත්වය නීත්‍යාණුකුලව ගත් විට මාස දෙකක කාලයකි.එසේම එම කණ්ඩායමේ බලයද පවරා තිබුණේ ශ්‍රි ලංකා රගර් වෙත නොවේය.මාස දෙකක් යනු දින 60 ක් ලෙස නිර්වාචනය කර ගත් විට දින 20 ක් යනු ඉන් තුනෙන් එකක කාලයකි.ඒ අනුව නිසි කාලයක් මේ කණ්ඩායම එම තරගාවලියට සුදානම් වීම සඳහා ලබා දී නැත.මේ වන විට ආසියානු ඔලිම්පික් කමිටුව ප්‍රධාන ආසියානු තරගාවලි සංවිධානය ද සිටින්නේ ආසියානු රගර් හි මේ තාර්කික නොවන හැසිරීමේ වෛරී සහ මුග්ධ ස්වභාවය ගැන අවබෝධයෙන්ය.මේ නෛතික කාල රාමුව ද ඔවුන් ට ශ්‍රි ලංකා ඔලිම්පික් වෙතින් පහදා දී අවසන්ය.


මීට පෙර නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ද වැඩම කරවා ශ්‍රි ලංකාවේ අනුග්‍රාහකයන්ගෙන් අනුග්‍රාහකත්වය රැඟෙන පැවත් වු තරගාවලියක් ගැන සහ ඊට හේතු වු කාරණා ද මේ වන විට ආසියාතික මට්ටමෙන් සාකච්ඡාවට බඳුන් වෙමින් ඇත.වත්මන් ආසියානු රගර් සභාපතිවරයා බලයට පැමිණ කටයුතු කළ ආකාරය ගැන ජාත්‍යන්තර රගබ් සම්මේලනය නොසතුට ප්‍රකාශ කරමින් ඔහුට ඇතැම් තරගාවලි සංවිධානය කරන්නට මුදල් ලබා දුන්නේ නැත.ඒ අවස්ථාවේදි ශ්‍රි ලංකාවේ ක්‍රිඩා අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකාවේ අනුග්‍රාහකයන් සමඟ පැවත් වු තරගාවලියේදී ද,ශ්‍රි ලංකාවට පිලිපිනය සමඟ පැවති ජයගත් තරගය පරාජය කර ශ්‍රි ලංකාව ඉවත් කිරීමට උත්සාහ ගත්තේය.එහිදී පිලිපීනය ද තමන් පරජය වු බවට පරීක්ෂණයකදී සහතික කරගෙන ශ්‍රි ලංකාවට ජය හිමි නොවන්නට ජාත්‍යන්තර තරගයකදී ජයග්‍රහණය කර ශ්‍රි ලංකාවට පරාජිත කණ්ඩායමක් වන්නත් තිබිණ.


මේ සියලු කාරණා සමඟ ශ්‍රි ලංකාවේ ක්‍රිඩා අමාත්‍යවරු රටේ ක්‍රිඩාවක ස්වාධීනත්වය සහ අභිමානය වෙනුවෙන් පෙනී සිටීම නිසා ශ්‍රි ලංකා රග්බි සභාපතිවරයාව ඉල්ලා අස්වන තැනකට තල්ලු කරමින් ඔහුගේ පිටම පව් බැද තලන්නට සළස්වමින් සිටියේය.නමුත් දැන් ඔහු නැතුව වුව ආසියානු සභාපතිවරයා ශ්‍රි ලංකාවේ රගර් වෙත බාධා කිරීම නවත්වන්නේ නැති බව පැහැදිළිය.ඒ බව හිටපු ක්‍රිඩා අමාත්‍යවරයෙක් වන හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාටම ලසිත ගුණරත්න නිලවරණයේදී ඔහුට ඡන්දය නොදීම ගැන ලියන ආසියානු සභාපතිවරයා දන්වා ඇත.
මෙහි තවත් කරුණක් ඇත.ඒ ආසියානු සභාපතිවරයා නියෝජනය කරන රටය.ශ්‍රි ලංකාව කෙරෙහි වන වෛරය සමඟම ආසියානු සභාපතිවරයාට තමන් නියෝජනය කරන රටට යම් ස්ථානයක් දිනා ගැනීමට ද ශ්‍රි ලංකාව බාධාවක්ය.ආසියානු තරගාවලියේදී ඒ තත්ත්වය මඟ හරවා ගැනීමට ශ්‍රි ලංකාව පිටතින් තැබීම හොඳ අවස්ථාවක් ඇති කරන්නේය.ඒ නිසා ඔහුගේ පෙරහැරේ ගිය ශ්‍රි ලංකාවේ ක්‍රිඩා අමාත්‍යවරුන්ට ඇත්තටම ශ්‍රි ලංකාව ගැන හැඟීමක් ඇත්නම් දැන්වත් තේරුම් යා යුතු ඇත්ත තමන්ට රජපිළි ලෙස පෙන්වා කිසිවක් අන්දවා නැති බවය.තමන් පෙරහැරේ ගොස් ඇත්තේ සීතාම්බර සළුවලින් සැරසී බවය.
රටේ ක්‍රිඩාවට ඓතිහාසිකව පවුම් 50000 ක දඩයකට පාර කැපු,රට ගැන වගකීමක් නැති මිනිස්සු තමන්ට ද රජපිළි ලෙස පෙන්නා අන්දා ඇත්තේ සීතාම්බර සළු ය.දැන්වත් තමන් නිරුවතෙන් බව දැනෙන මට්ටමට බුද්ධිය වැඩී ඇත්නම් රටක හඬ බවට පත්වන ක්‍රිඩාවේ දේශපාලකයාගේ හඬ අවදි කර අසියානු සභාපතිවරයාව ඇමතිය යුතුය.රටේ ක්‍රිඩාවේ ස්වාධීනත්වයට අභිමානයට හරස්වන අයුරෙන් කටයුතු කිරීම ගැන සහ එකඟතාවයන් බිදීම ගැන චෝදනා එල්ල කරමින් ජාත්‍යන්තර රගර් සම්මේලනය ඇමතිය යුතුය.වරක් පවුම් 50000 ක දඩයකට රට යටත් කරන විට සභාපතිව සිටිමින් කටයුතු කළ පුද්ගලයා ආසියානු සභාපතිවරයා සමඟ එක්ව ශ්‍රි ලංකා රගර් උපදේශක කමිටුවේ සභාපති පදවයට පත් කර,ශ්‍රි ලංකා රගර් අවුල නිර්මාණය කරන්නට මැදිහත්වීම ගැන නාමල් රාජපක්ෂ රගර් ප්‍රජාවට සිය සමාව සහ කණගාටුව ප්‍රකාශ කළ යුතුය.එම කරුණු ගැන ඉතා පැහැදිළිව තිබෙන සාක්ෂි ගෙන රටේ වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයා ශ්‍රි ලංකාව නියෝජනය කරමින් කිසිඳු ක්‍රිඩා සම්බන්ධ වගකීමක් එවැනි අයට දරන්නට ඇති අවසරය හකුළා දැමිය යුතුය.නමුත් මේ ඇත්ත පිංතුරයෙන් වහංවී වත්මන් ක්‍රිඩා අමාත්‍යවරයා දේශද්‍රෝහී ලෙබලය ගසන්නට අත්සාහ කරමින් ඉන්නේ රටේ කිඩාවේ ස්වාධීනත්වය සහ අභිමානය රැක ගන්න හදන පුද්ගලයන්ට මිස,රට ලෝකය ඉදිරියේ නින්දාවට පත් කරන පුද්ගලයන්ට නොවේය.ඔහු අභිමානය සහ ස්වාධීනත්වය බලපම් කළ පුද්ගලයන්ට ං මෙන්ම ලොකුම කැළු පැල්ලම ඇති කළ පුද්ගලයන් සමග එකට ඡායාරුපවලට අඩම්බරයෙන් පෙනී සිට සැබැ දේශප්‍රේමීන්ට දේශද්‍රොහී ලෙබලය අලවමින් සිටියි.මෙහි ඇති ඡායරුපයෙන් ද දැක්වෙන්නේ එවැනි අවස්ථාවකි.


හැබැයි දැන් ආසියානු ඔලිම්පික් කමිටුව ඉදිරයේ මිනිස්සුන්ට ඇස් ලැබෙමින් ඇත.ඇඳ සිටින්නේ රජ සළු නොව සීතාම්බර සළු බව දැනෙමින් ඇත.ඒ නිරුවත්ව ඇවිදින පෙරහැරේ නිලමේකමෙන් දැන්වත් මිදී යථාර්තය වෙනුවෙන් සටන් කරන්නට ලංකාවේ ක්‍රිඩා ඇමතිවරයාට කවුරුන් හෝ බුද්ධිය දීම වැදගත්ය.


ගැටළුව රිස්ලි ඉල්ලියාස් පමණක් නොව ආසියානු සභාපතිවරයාට ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ඇති වෛරය සහ ඔහුගේ රටේ රගර් ක්‍රිඩාවට ඉදිරියට යාමට ඇති බාධකයක් ඉවත් කිරීම බව වටහා ගන්නට දැන් හැසිරීම ප්‍රමාණවත්ය.එසේම රටේ ක්‍රිඩාව නොව තමන්ගේ උවමනාව පදනම් කරගෙන ඕනැම රටකට සහ පුද්ගලයෙක්ට රටේ ක්‍රිඩාවේ ස්වාධීනත්වය කෙළෙසන්නට අනුබල දිය හැකි මිනිසුන් සිටින බව වටහා ගන්නට ද මේ මොහොත වැදගත්ය.ආසියානු ක්‍රිඩා උළෙල වෙනුවෙන් මේ ප්‍රශ්නකිරීම් ඇත කරමින් ආසියානු ක්‍රිඩා උළෙලේ ජීවගුණය වෙනුවෙන් කැප වෙන්නට විනෝද් තිවාරි පෙරට පැමිණීමත් සමඟ බොහෝ දෙනෙක් ආසියානු සභාපතිගේ පෙරහැරේ නිලමේවරුන් දෙස බලා සිිටියේ රජ ඇදුමෙන් සැරසුණු ප්‍රතාපවත් ප්‍රතිරුප හැටියට වුවත් දැන් ඒවා සීතාම්බර සළු බව පැහැදිළි වෙමින් ඇත.


ඉතිං දැන්වත් ඇඳුම් අදගන්නවා ද ආසියානු ක්‍රීඩා උළෙල සංවිධානයෙන් පෙළ ගස්වා තිබෙන සීතාම්බර සළු පෙරහැරේ ඉදිරියටත් ගමන් කරනවා ද යන්න තීරණය කිරීම කෙනෙකුගේ බුද්ධියට සාපෙක්ෂ කාරණයක්ය.ශ්‍රි ලංකාවේ ක්‍රිඩා ප්‍රධානීන් මේ පෙරහැරට එකතු වී ශ්‍රි ලංකා රගර් හී ස්වාධීනත්වයට ගරු නොකර ශ්‍රි ලංකා රගර්වලට බාධා කළ අයුරෙන්ම මේ වන විට ආසියානු සභාපති ඛයිස් අල් දලායි ද ආසියානු රගර්වලට බාධාවක් වන අයුරෙන් සිය පෞද්ගලික න්‍යාය පත්‍රය පෙරට ගෙනවිත් ඇත.දැන් ආසියානු තරගවලට ශ්‍රි ලංකාව ක්‍රිඩා කරනවාද,රගර් ක්‍රිඩාව පවත්වනවා ද යන තැන දක්වා ආසියානු සභාපතිවරයාගේ පටු උවමනාවන් හී බරපතලකම රගර්වලට පළල් ලෙස බල , ංපා ඇත.
රිස්ලි ඉල්ලියාස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ද මේ සටහනට අමුණා ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan