යක්කල ප්‍රහාරය : පෙරටුගාමීන් දැන් අවබෝධ කරගත යුතු දේ ….

යක්කලදි පෙරටුගාමීන්ට එල්ල උන ප්‍රහාරය සම්බන්දයෙන් ආන්ඩුවට විරුද්ධ පිරිස පවා හිටියේ උන්ට නම් ගැහුවත් කමක් නෑ වගේ ආස්ථානයක. ඒකට හේතුව ආන්ඩුව සෙසු විපක්ෂ ක්‍රියාකාරීන් අත් අඩංගුවට ගනිද්දි ඔවුන්ට ඇප නොදෙන ලෙස පෙරටුගාමීන් ආන්ඩුවට කල බලපෑමයි..

පොලු මුගුරු, බාහු බලය යොදාගනිමින් ගැටලු විසඳීමට යාමේ ගතිකය ආරම්භක ජ.වි.පෙ. තුලම තිබූ කොමිනිස්ට් ගතිකයක්.

මෙතනදි වර්තමාන ජ.වි.පෙ.ට ඒ කොමිනිස්ට් ශිල්පය දුන්නෙ ඔවුන්ගෙ පරණ ගුරුවරුන්ව සිටි දැන් පෙරටුගාමී නායකයන් විසින්. ඒ නිසා ඇතැම් විට ඉදිරියේදී තමන්ව ගිල ගිලදැමීමට නියමිතව ඇත්තේ පෙර මොහොතක තමන් විසින්ම නිර්මාණය කල ගෝල භූතයන් විසින්ම බව පෙරටුගාමීන් දැන් අවබෝධ කරගත යුතුයි..

එසේම ජ.වි.පෙ.ටත් වඩා වාම අන්තවාදයක ලැග සිටින පෙරටුගාමීන් සතුව මෙවන් වාම ෆැසිස්ට් ලක්ෂන අධිකය..

එබැවින් මේ මොහොතේ බලයේ සිටින්නේ පෙරටුගාමී ආන්ඩුවක් යැයි අපි උපකල්පනය කලහොත් මීටවඩා නිර්ප්‍රජාතන්ත්‍රවාදී කොමිනිස්ට් ආඛ්‍යානය අපට දැක බලා ගතහැකිවනු ඇත..

කොමිනිස්ට්වාදය තුල විධායක, ව්‍යවස්ථාදායක, අධිකරණය යන ආයතන එකිනෙකට ස්වාධීනව නොපවතී. රතු කොමිනිස්ට්වාදය තුල මේ සියල්ල පක්ෂයේ යකඩ හස්තය යට සිරවේ..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙකේදීම 8.1%ක ස්ථාවර මට්ටමක!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ජනලේඛන සහ සංඛ්‍යාලේඛන...

රාගම සුසාන භූමියෙන් මතු වූ ගිනි අවි සහ ජීව උණ්ඩ !

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : රාගම, බටුවත්ත ප්‍රදේශයේ...

ඩොලර් මිලියන 390ක චීන දැවැන්තයා කොළඹ වරායෙන් හදිසියේම හැළුණේ ඇයි?

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 21, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ෆයිසර් මුස්තාෆා කථානායක ධුරයට ??

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාෆා...