තිරිඟු පිටි හිගයකුත් නෑ මිල වැඩිවෙන්න හේතුවකුත් නෑ – නලින් ප්‍රනාන්දු

Date:

තිරිඟු පිට මිල වැඩි කිරීමට කිසිදු හේතුවක් නොමැති බව වෙළඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා. ජාත්‍යන්තර වෙළඳපොලේ තිරිඟු පිටි මිල වැඩිවීමක් හෝ නිෂ්පාදනයේදී අතිරේක වියදම් එකතුවීමක් සිදුව නොමැති බව පෙන්වා දෙන ඇමතිවරයා පවසන්නේ කිසිදු හේතුවක් නොමැතිව මිල වැඩි කිරීමට ඉඩ ලබා නොදෙන බවයි.

අසාධාරණ ලෙස මිල වැඩි කරන්නන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවත්, පාරිභෝගික අධිකාරිය වෙත ඊට අදාල උපදෙස් ලබා දී ඇති බවත් ඇමතිවරයා අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙකේ නියෝජිතයන් සමග ඇමතිවරයා සාකච්ඡාවක් පවත්වා ඇති අතර එහිදී සමාගම් නියෝජිතයන් පවසා තිබෙන්නේ මසකට ප්‍රමාණවත් තිරිඟු තොග තමන් සතුව පවතින බවයි. ඩුබායි හා තුර්කි යන රටවලින් තොග ඇනවුම් කර ඇති බවත් අදාල තොග සැප්තැම්බර් 15 වැනිදා වනවිට මෙරටට පැමිණෙනු ඇති බවත් සමාගම් වැඩිදුරටත් පවසා තිබෙනවා.

බේකරි හිමියන් මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් හෙට දිනයේදී සාකච්ඡා කරන බව පෙන්වා දෙන ඇමතිවරයා බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ ඒ වනතෙක් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ නොදමන ලෙසයි.

ඇමතිවරයා එසේ පැවසුවද බේකරි හිමියන් ඇතුළු තිරිඟු පිටි ආශ්‍රිත කර්මාන්තකරුවන් පවසන්නේ දැඩි තිරිඟු පිටි හිගයක් රටතුළ තිබෙන බවයි. මේ වනවිට වෙළඳපොලේ පවතින්නේ ඉන්දියාවෙන් ආනයනය කළ තිරිඟු පිටි බවත්, මිල වැඩි වී තිබෙන්නේ ඒ නිසා බවත් ඔවුන් පවසනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආර්ථිකය නැවතත් අර්බුදයකට යයිද ?

මුදල් අච්චු ගැසීම සහ මුදල් සැපයුම යනු වෙනස් කාරණා...

හිටපු ජනාධිපති රනිල් රිමාන්ඩ් !!

අත්අඩංගුවට ගන්නා ලද හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රක්ෂිත...

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් කළ පැමිණිල්ලට ඇරැඹි විමර්ශනයේ සවිස්තරාත්මක පැතිකඩ!

කොළඹ (LNW): රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න...

සුදාගේ ප්‍රකාශය ගැන විමර්ශනයක් ඉල්ලා CIDයට පැමිණිල්ලක්

රනිල් වික්‍රමසිංහ මහතා අද (22) දිනයේදී අත්අඩංගුවට ගෙන දින...