මාතලේ පාසල් පනහකට එයාර් බැඩිමින්ටන්

Date:

සටහන – නිශ්මං රණසිංහ
සැප්තැම්බර් 05, (LNW) කොළඹ :


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුව මගින් සංවිධාන කළ එයාර් බැඩ්මින්ටන් වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල හා රත්තොට අධ්‍යාපන කොට්ඨාස කේන්ද්‍ර කරමින් පසුගියදා පැවැත්විණි. උකුවෙල අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව උකුවෙල මහින්ද රාජපක්ෂ විද්‍යාලයේදී පැවැති අතර, රත්තොට අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 25ක ගුරුවරුන් 50 දෙනකු සඳහා එයාර් බැඩ්මින්ටන් පුහුණුවීමේ වැඩමුළුව මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී එම පාසල් 50 සඳහා බැඩ්මින්ටන් උපකරණ ලබාදීම ද සිදු කෙරිණි.


ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ උප සභාපති සහ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති රොෂාන් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩමුළුවට ප්‍රාදේශීය සංවර්ධන කමිටු සාමාජිකයන් වන පාලිත හෙට්ටිආරච්චි හා ඉන්දික උපේන්ද්‍ර මහත්වරු සමඟ සම්බන්ධිකාරක තිළිණ ධනසිංහ මහතා සහභාගි විය.
මෙම වැඩමුළුව සඳහා පුහුණුකරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ විනිසුරු බණ්ඩාර සමරකෝන් මහතා කටයුතු කළ අතර, එම වැඩමුළු සඳහා මාතලේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් රෝහණ දිසානායක අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ ලේකම්, මාතලේ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සම්බන්ධීකරණ නිලධාරී දයාන් දිසානායක මහතා ද සහභාගි විය. ඊට අමතරව මහින්ද රාජපක්ෂ විදුහලේ විදුහල්පති හා කලාප අධ්‍යාපන කාර්යාලයේ නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට එක්වූහ.


ඉදිරියේදී එම පාසල් 50 තුළම එයාර් බැඩ්මින්ටන් පුහුණුව ආරම්භ කර එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමෙන් පසු, අදාළ පාසල් අතර එයාර් බැඩ්මින්ටන් තරගාවලියක් පවත්වා දක්ෂතම ක්‍රීඩකයන් දිස්ත්‍රික්ක සංචිතයට ඇතුළත් කරගැනීම ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ අදහස වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තවත් සමුහ මිනීවළක් ඇති බවට තොරතුරු හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 05, කොළඹ LNW: තවත් සමුහ මිනීවළක් ඇති...

යුක්රේනයට හමුදා සහය ලබා දීම සඳහා මිත්‍ර පාක්ෂිකයන් 26 දෙනෙකු සුදානම් බව ප්‍රංශ ජනාධිපතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 05: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනය වෙනුවෙන්...

කපුටාට කේජු කන්නට ඕනිනම්….

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 05, කොළඹ LNW: කරාටේ කණ්ඩායමකට විදේශගත වීමට...