*
Sunday, September 22, 2024
spot_img

Latest Posts

ආසියානු කුසලානය පිතිකරුවන්ගේ පැත්තට බර වෙයි

ආසියානු කුසලාන තරගාවලිය ආරම්භයේදි වාසි සහගත තත්ත්වයන් පැවතියේ පන්දු යවන්නන්ට වාසි වන අන්දමටය.නමුත් තරගාවලිය ඉදිරියට යද්දී ක්‍රීඩා කරන තණතීරුවල වෙනස්වීමක් නිසා හෝ පිතිකරුවන් ඊට අවශ්‍යය පරදි හැඩ ගැසීම නිසා මේ වන විට තරගය බේරා ගන්නට නම් කණ්ඩායමක් විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීම අනිවාර්ය කාර්යක් වි ඇත.විශේෂයෙන් ශ්‍රී ලංකාව බංගලාදේශයට සහ ඇෆ්ගනිස්තානයට එරෙහිව ශමා යමින් ලැබූ ජයග්‍රහණ මාවතේම යමින් ඊයේ ඉන්දියාව ලබා ගත් ලකුණු 181 ඉක්මවා යමින් පකිස්තානය කඩුලු පහක ජයක් ලබා ගත්තේය.

ඉතිහායේ දිවා රාත්‍රී තරගයක කාසියේ වාසිය මූලිකවම ජයග්‍රහණයට බලපාන බව පිළි ගත්තේය.ඒ රාත්‍රියේදී පන්දුවට පහරදීම අසීරුය යන විශ්වාසයටය.මේ තත්ත්වය වෙනස් කරන විශාල අවධානයක් ගත් සිඳුවීමක් වන්නේ 1996 ලෝක කුසලාන අවසාන තරගයය.අර්ජුන ඉම්රාන් ඛාන් පවා පළමුව පන්දුවට පහර දෙන්න කියද්දී දෙවනුව පහර දීම තෝරා ගත්තේය.දිවා රාත්‍රී තරගයක දෙවන වර පහර දීමට විශාල වටිනාකමක් එකතු වූ හැරවුම් ලක්ෂයක් වූ මේ සිඳුවීමෙන් අනතුරුව අද වන විට දිවා තරගයක මෙන්ම තරගයේ ස්වභාවය සළකා මිස රැය ද දවාලද යන්න නොසළකා පන්දු රැකීම සහ පන්දුවට පහරදීම කියන තත්ත්වයට ක්‍රිකට් පරිනාමය වි ඇත.
ඉන්දියාවට එරෙහිව පකිස්තානය ද පන්දු රැකීම මුලින් කළ යුතු බව තීරණය කළේය.ඒ තීරණය ගැන පසුතැවීමක් ඇති කරමින් ඉන්දීය ආරම්භන පිතිකරු යුගලය රෝහිත් ෂර්මා සහ කේ.ඒ.රාහුල් මුල් පන්දුවාර කිහිපයේ විශාල ප්‍රහාරයක් දියත් කළ අතර හයව පන්දුවාරයේ ප්‍රථම පන්දුවට රෝහිත් ෂර්මා දැවි යන විට ලකුණු පූවරුව 54 ක් ව තිබිණ.ලකුණු 62 දී රාහුල් ද දැවි ගිය පසු පිතිකරුවන්ගේ ආධිපත්‍යය තමන් නතු කර ගන්නට ක්‍රමයෙන් පකිස්තානු පිතිකරුවන් උත්සාහ කළ අතර එයට එරෙහිව හුදෙකලා සටනක යෙදෙමින් විරාට් කෝල් පන්දු 44 න් ලකුණු 60 ක් ලබා ගනිමින් ඉන්දිය ඉණිම ලකුණු 181 දක්වා ගෙන එන්නට සමත් විය.කෝලිගේ ලකුණු 60 ට පසු ෂර්මා සහ රාහුල් ලකුණු 28 බැඟින් ලබා ගැනීම හැරෙන්නට වෙනත් ඉහළ ලකුණු ගණනක් වාර්තා නොවීය.
පන්දු යැවීමේදී පකිස්තානු දඟ පන්දු යවන්නන් අතරින් සදාබ් ඛාන් ලකුණු 31 ට කඩුලු 2 ක් දවා ගත් අතර ඉතා හොඳ ඉලක්කයකට පන්දු යැවූ මොහොමඩ් නවාස් සිය පන්දු ඕවර් 4 නිමා කළේ ලකුනු 25 ට එක් කඩුල්ලක් දවා ගනිමින්ය.නසීම් ෂා,මොහොමඩ් හස්නේන් සහ හාරිස් රවුෆ් අතරේ ද එක් කඩුල්ල බැඟීන් බෙදි ගියේය.

පිළිතුරු ඉණිමට පිවිසි පකිස්තානයට නායක බාබර් අසාම්ගේ කඩුල්ල අහිමි වන්නේ ලකුණු පූවරුව ෆකාර් සමාන් ගේ කඩුල්ල දැවි යන විට පකිස්තානු ලකුණු පූවරුව රැඳී තිබුණේ ලකුණු හැටතුනේ ය.අනතුරුව නොසැලි සිටි ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් සමඟ එක් වූ මොහොමඩ් නවාස් ඉලක්කයට පන්දුව යැවූ අයුරෙන්ම පකිස්තානය ඉලක්කය කරා රැඟෙන යන්නට පදනම් වූ ප්‍රවේගකාරී ලකුණු 42 ක් එක් කළේ පන්දු 20 ට මුහුණ දෙමින්ය.ඒ නිසාම තරඟයේ වීරයා වන්නට ද ඔහුට හැකි වූ අතර පන්දු රැකිමේදි ආබාධයකට ලක්ව සිටියදී ද,ඉකා දිරිමත් ඉණිමක් දියත් කළ මොහොමඩ් රිස්වාන් සිය ආරම්භක පිතිකරුවාගේ වගකීම්සහගත භූමිකාව නිමා කළේ තරඟයේ 17 වන පන්දු ඕවරයේ පස්වන පන්දුවේදී ය.

ඒ වන විට රිස්වාන් නමින් පන්දු 51 දි ලකුණු 71 ක් එකතු වී තිබිණි.මුළු ලකුණු පූවරුව 147 ක් පමණක් විය.පන්දු 19 දී ලකුණු 34 ක් ලබා ගැනීමට තිබිණ.එම ලකුණු ප්‍රමාණයෙන් ලකුනු 16 ක් ලබා ගන්නට අසීෆ් අලීට වැය වුයේ පන්දු 8 ක් පමණි.ඒ තරගයේ අවසාන භාගයේ හැරවුම් ලක්ෂය වූ අතර විසිවන ඕවරයේ හතරවන පන්දුවේදි අසීෆ් දැවි යන විට ලකුණු පූවරුව 180 ක් විය.පැමිණ මුහුණ දුන් පළමු පන්දුවෙන්ම ලකුණු 2 ක් ලබා ගත් ඉෆ්තිකාර් අහමඩ් ජයග්‍රහණය පකිස්තානය බව සනාත කරද්දී ඉන්දිය පන්දු යවන්නන් අතරින් රවී බිෂ්නෝයි පන්දු ඒවර් 4 ලකුණු 26 ට නිමා කරමින් එක් කඩුල්ලක් දවා ගෙන සිටියේය.බුවනේෂ් කුමාර්,හාර්ඩික් පාන්ඩයා,යුසෙවෙන්ද්‍ර චහාල් සහ අර්ශ්දීප් සිංග් ද එක් කඩුල්ල බැඟින් දවා ගෙන සිටියේය.

බංගලාදේශයට සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඉතා ඉහළ මට්ටමේ හඹා යාම් දෙකක් සිඳු කරමින් ජයග්‍රාහී මානසික මට්ටමක සිටින ශ්‍රී ලංකාවට හෙට (සැප්තැම්බර් 6) පකිස්තානය ඉදිරියේ සිඳු වූ පරාජයෙන් තැති ගෙන සිටින ඉන්දියාව හමුවෙද්දි මානසිකව හොඳින් සිටින්නේ ශ්‍රී ලංකාවය.නමුත් වඩාත් වෘත්තියමය මට්ටමෙන් එම අවස්ථාව කියවා ගන්නා ජයග්‍රාහකයා වනු ඇත.ක්‍රිකට්මය වශයෙන් ආනන්දනීය තරගයක් දීමට හෙට තරගයේදී දෙපිළේම දක්ෂතා ඉහළින් මතුවීම කණ්ඩායම් දෙකට නොබිදි,පොදු ක්‍රිකට් ප්‍රේක්ෂකාගාරයේ අපෙක්ෂාවය.
ඡායාරූපයේ සිටින්නේ පකිස්තාන ජයග්‍රහණය සනාත කළ මොහොමඩ් රිස්වාන් (දකුණේ) සහ මොහොමඩ් නවාස් ය.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan