*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

මංකොල්ලකාර, ත්‍රාඩ රැලක් රටේ ආර්ථිකය කඩා වැට්ටුවා – අනුර

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සේවක අර්ථසාධක අරමුදල මත සමස්ත හෙණය පාත් කිරීම යුක්තිසහගත නොවන බව, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී කියයි.

“සේවක අර්ථසාධක අරමුදලේ කාණ්ඩ දෙකක් තිබෙනවා. රුපියල් ලක්ෂයට වඩා අඩුවෙන් වැටුප් ලබන අය. සාමාන්‍යයෙන් 80%ක් පමණ ඉන්නේ ඒ පිරිස. දෙක ලක්ෂයට වඩා වැටුප් ගන්න අය. ලක්ෂයට වඩා වැඩි අය තමන් සේවක අර්ථසාධක අරමුදලට තමන්ගේ වැටුපෙන් 8%ක් ගෙවනවා. ඔවුන් ඒ ගෙවන 8%ට අමතරව උපයන විට බද්දක් ගෙවනවා. මේ ආයෝජනය කර තිබෙන මුදල්වලට අනාගතයේ ලැබෙන ලාභාංශය 9%කට සීමා කර තිබෙනවා.


ඔවුන්ගේ 8%ටත් බදු ගහලා, ආණ්ඩුව ඒකෙන් කරන ආයෝජනයට 9%ක පොලියක් තීරණය කරනවා. එයින් නතර වෙන්නේ නැහැ. ඒ 9%ක ආදායමටත් 14%ක බද්දක් ගහනවා. එය කරනවාද නැද්ද මම දැන ගැනීමට කැමතියි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහනට එන්නේ නැතිනම් 14% එන්නේ නැද්ද? යෝජනා දෙකයි දැන් තිබෙන්නේ. 30%ද, 09% ලාභාංශයද, 14% පොලියත්ද? ලක්ෂයකට වඩා වැඩි පඩියක් ගන්නා කෙනෙක් නම් එයා ගෙවන්න ඕනෑ. 08%ක සේවක අර්ථසාධක අරමුදල් දායකත්වයටත් එයා ගෙවන්න ඕනෑ. එයාට ලැබෙන ලාභාංශය, එයාගෙ දළ වැටුපට ගෙවන්නේ.

සේවක අර්ථසාධක අරමුදල සම්පූර්ණ වුණාට පසුව මිලියනයට වඩා වැඩියි නම්, රැඳවුම් බද්ද ලෙස 6%ක්ද ගන්නවා. මේ වගේ සේවක අර්ථසාධක අරමුදලට බදු ගසන රටක් ලෝකයේ නැහැ. පඩියෙන් බද්දක් කැපෙනවා. ආයෝජන ලාභාංශ අඩුකරනවා. ලැබෙන ලාභාංශවලට 14%ක බද්දක් ගහනවා. කල්පිරුණාට පසුව තමන්ගේ ලාභාංශය මිලියනයට වඩා වැඩි නම්, එයටත් 6%ක බද්දක් ගහනවා. මොනවාද එයාට ඉතිරි වෙන්නේ.

මංකොල්ලකාර, ත්‍රාඩ රැලක් රටේ ආර්ථිකය කඩා වට්ටලා වත්තේ අහිංසක මිනිහාට බදු ගහනවා ණය පියවා ගන්න. සමාන්තරව ගේනවා නම් අපි මෙයට එකඟයි. බදු වංචා කරපු අයගෙන් එම බදු ලබාගැනීම සඳහා වැඩපිළිවෙළක්, මහජනයාගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් සොරකම් කරපු අයගෙන් ධනය පවරා ගැනීම සඳහා වැඩපිළිවෙළක් නැහැ. පනත් නොවෙයි, තිබෙන නීති ප්‍රමාණවත්” ලෙස අනුර කුමාර දිසානායක මහතා කීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan