අත්අඩංගුවට ගත් රසායන ද්‍රව්‍ය කන්ටේනර් දෙක ගැන සත්‍යය තොරතුරු රජය හෙළිදරව් කළ යුතුයි – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය අඩංගු කන්ටේනර් දෙක රට තුළට පැමිණි ආකාරය පිළිබඳව ප්‍රශ්න ගණනාවක්ම පැනනැඟී ඇති බැවින් ඒවා පිළිබඳ සත්‍යය තොරතුරු රජය විසින් අනාවරණය කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“කුඩු, අයිස් නිෂ්පාදනයට සම්බන්ධ අමුද්‍රව්‍ය කන්ටේනර් දෙකක් සොයාගැනීම කුඩු ව්‍යාප්තිය මර්දනයේදී ලබපු ප්‍රගතියක් හැටියට අපට සලකන්නට පුළුවන්. නමුත් තියෙන බරපතළම ප්‍රශ්නය වන්නේ කොහොමද මේ කන්ටේනර් දෙක සමාජයට නිකුත් වුණේ ? අපට ආරංචියි මේ කන්ටේනර් දෙක පිළිබඳවත් ජාත්‍යන්තර බුද්ධි අංශ අපේ රටට දැනුම් දීලා තියෙනවා කියලා. අපි දැනගන්න කැමතියි කවදාද මේ තොරතුරු ලැබුණේ ? පරීක්ෂණ කළේ කවුද ? කොයි කාල වකවානුව තුළද ඒ පරීක්ෂණ පැවැත්වුවේ ? කුමන කණ්ඩායම්ද ඒ පරීක්ෂණවල නිරත වුණේ ? ඒ පරීක්ෂණවලින් පසුව මේ කුඩු අමුද්‍රව්‍ය කන්ටේනර් දෙක – අපිට ආරංචි විදියට ඒවා නිදහස් කරලා. ඒ නිදහස් කිරීමේ ක්‍රියාවලියට හවුල් වුනේ කවුද ? මොන ආයතනද ? රටේ ජනතාවට සත්‍යය හෙළිදරව් කිරීම රජයේ වගකීමක්.

මෙම කන්ටේනර් නිදහස් කිරීම සිදුවුණේ අර කන්ටේනර් තුන්සිය විසි ගාණක් නිදහස් වීමත් එක්කමද ?”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ රැස්වීමකදී ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මස්ක් ඩොලර් බිලියන 10ක් වටිනා SpaceXහි කොටස් ඇමරිකානු දරුවන්ට පිරිනැමීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 21: ලොව ප්‍රමුඛතම...

ආණ්ඩුවේ යටි හිත!

උපාලි කොළඹගේ කොළඹ LNW:මේ දිනවල ආණ්ඩු වේ යෝජිත නව පනත්...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “ගමින් ගමට” රැස්වීම් ලබන සතියේ සිට ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම්...

කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් මට නෑ – ෆයිසර් මුස්තාෆා කියයි

තමන්ට කථානායක තනතුරට පත්වීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව නව...