Thursday, March 30, 2023
spot_img

Latest Posts

හරි සරළයි, මන්දපෝෂනේ තියන දරුවන්ට අධිපෝෂනේ දෙනවා – ගීතාගේ විසඳුම්

මන්දපෝෂණය නැති කිරීම සඳහා සරළ විසඳුමක් තමන් සතුව තිබෙන බව ළමා හා කාන්තා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහතා පවසනවා. ඊයේ රාජ්‍ය ඇමති ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළේය.

මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් හඳුනා ගැනීම සඳහා දීපව්‍යාප්ත වැඩපිළිවෙලක් දියත් කරන බවත්, එසේ හඳුනා ගන්නා දරුවන්ට කඩිනමින් අධිපෝෂණය සහිත ආහාර වේලක් ලබාදෙන බවත් ඇමතිවරිය ප්‍රකාශ කරනවා. මෙම වැඩපිළිවෙල සාර්ථක කර ගැනීම සඳහා තමන් උපරිම උත්සාහ ගන්නා බවයි ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

ජනතාව පාරට බැස පරණ මුහුණු වෙුනවට අලුත් මුහුණු ඉල්ලා සිටි නමුත් නැවතත් පරණ මුහුණුම ඇමති තනතුරුවලට පත්ව සිටින බවට එල්ල වන චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් සිදුකළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ගීතා කුමාරසිංහ මහත්මිය සඳහන් කළේ තමන් අලුත් මුහුණක් මිස පරණ මුහුණක් නොවන බවයි. අරගලකරුවන්ගේ විරෝධය තමන්ට එල්ල නොවනු ඇතැයි බලා‌ොපාරොත්තු වන බවද ඇය සඳහන් කරනවා.

UN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.