*
Tuesday, April 30, 2024
spot_img

Latest Posts

උසස් පෙළින් පස්සේ මොකද කරන්නේ ? ලක්ෂ 25ක පරිගණක පාඨමාලාවක් නොමිලේ හැදෑරීමට මෙන්න අවස්ථාව !

අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් වුණා. ජීවිතේ මීළඟ පියවර හැටියට මොකක්ද කරන්නේ, මොන ක්ෂේත්‍රයේ රැකියාවකට යන්නද සුදුසුකම් හදාගන්නේ, එහෙම සුදුසුකමක් හදාගන්නේ කොහොමද කියන ප්‍රශ්නවලට තවමත් උත්තර හොයා නොගත් සැලකිය යුතු පිරිසකුත් ඉන්නවා ඇති.

ඔබ මොන විෂය ධාරාවෙන් උසස් පෙළ කළත්, ඔබේ විභාග ප්‍රතිඵලය මොකක් වුණත් ඔබට රුපියල් ලක්ෂ 25ක් වටිනා පරිගණක භාෂා පාඨමාලාවක් නොමිලේ හැදෑරීමටත් ඒ ඔස්සේ මොරටුව, කැළණිය හා රුහුණ යන විශ්වවිද්‍යාලවල පරිගණක පාඨමාලා කරා යොමුවීමටත් දැන් අවස්ථාව හිමිවෙලා තියෙනවා.

ඒ, ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් වැඩසටහන හරහා.

දිවයින පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක බැගින් ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් මධ්‍යස්ථාන 331ක් පිහිටුවීමේ කටයුතු මේ දිනවල වේගයෙන් සිදු කෙරෙමින් පවතිනවා. දැනටමත් දිස්ත්‍රික්ක ගණනාවක මෙවැනි මධ්‍යස්ථාන 60කට අධික සංඛ්‍යාවක් පිහිටුවලා ඉවරයි.

ඉතින් ඔබත් මේ පරිගණක භාෂා, එහෙම නැත්නම් කෝඩින් පාඨමාලාව ගැන උනන්දු නම් ඔබට ළඟම ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් එක පහත ලිංක් එකෙන් හොයාගන්න පුළුවන්.

https://dpcode.lk/itcampus-centers

කෝඩින් කියන්නේ අනාගත ලෝකයේ රැකියා අවස්ථා මිලියන ගණනින් බිහිවීමට නියමිත, දැනටත් දෙස් විදෙස් රැකියා අතිවිශාල ප්‍රමාණයක් තියෙන, ඉහළ ආදායම් ඉපයිය හැකි ක්ෂේත්‍රයක්. ඒ වගේම පාඨමාලාව සම්පූර්ණ කෙරෙද්දී ඔබට රජයේ විශ්වවිද්‍යාලයකින් සහතික පත්‍රයක් ලැබෙනවා වගේම නවීනතම තාක්ෂණය සහ රැකියා ඉලක්කගත දැනුමත් ලැබෙන නිසා බයවෙන්න දෙයක් නෑ.

ඒ වගේම මේ ඩීපී එඩියුකේෂන් වැඩසටහන කරන්නේ ධම්මික සහ ප්‍රෙසිලා පෙරේරා පදනම විසින්. ඒ කියන්නේ ධම්මික පෙරේරාගේ වැඩක්. ධම්මික පෙරේරා කියන්නේ තමන් අතගහපු වැඩක් සාර්ථකත්වය කරා ගෙනිහින් මිසක් අතහරින කෙනෙක් නෙවෙයි. ඒ නිසා මේ පාඨමාලාව හදාරලා ඔබ අතරමං වෙන්නේ නෑ කියන විශ්වාසය උපරිමයෙන් තියන්න පුළුවන්.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan