එක්සත් ජාතික පක්ෂයේ මහා සම්මේලනය ඔක්තෝබර් 21 වනදා පස්වරු 02.00 ට කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (08) පස්වරුවේ රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇත.
එජාප 77 වැනි සංවත්සරයට සමගාමීව සැප්තැම්බර් 10 වනදා කොළඹ ලේක්හවුස් මන්දිරය ඉදිරිපිටදී පක්ෂ සම්මේලනය පැවැත්වීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද අයහපත් කාලගුණ තත්වය හමුවේ එය කල්දැමීමට සිදුවී තිබිණි.
RN