තාත්තා සහ බාසික් පුතා CCIBයේදී එකම කූඩුවට !

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) විසින් අද (11) දහවල් අත් අඩංගුවට ගත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ශිරාන් බාසික් නමැත්තාගේ පියා ශිරාන් බාසික් රඳවාගෙන සිටින සිර කුටියේම රඳවා ඇති බව වාර්තා වේ.

ශිරාන් බාසික්ගේ පියාව අත් අඩංගුවට ගෙන තිබුණේ මුදල් විශුද්ධිකරණය පිළිබඳ චෝදනාවකට අදාළව ය. ගම්පහ ප්‍රදේශයේ පිහිටි, ශිරාන් බාසික්ගේ පියාගේ නමට මිලදීගෙන ඇති රුපියල් කෝටි 03ක් පමණ වටිනා නිවසක් පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා අද (11) දිනයේදී CCIBයට පැමිණෙන ලෙස ශිරාන් බාසික්ගේ පියාට දැනුම්දී තිබුණු අතර ඒ අනුව එහි පැමිණි පසුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඔහුව අත් අඩංගුවට ගෙන තිබිණි.

ඩුබායි රාජ්‍යයේදී අත් අඩංගුවට පත්ව මෙරටට එවනු ලැබූ ශිරාන් බාසික් මේ වනවිට රැඳවුම් නියෝග මත CCIBය භාරයේ රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකෙරෙමින් පවතී. මෙරටට මත්ද්‍රව්‍ය ගෙන්වූ ප්‍රධානතම ජාවාරම්කරුවන් පස්දෙනා අතරින් එක් අයකු බව පැවසෙන ශිරාන් බාසික් පිළිබඳව සහ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව විමර්ශන කටයුතු සිදුකෙරෙන්නේ CCIBය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...