මෝකා නගරය හවුති කැරලිකරුවන් අතට; ලෝක බලශක්ති සැපයුමටත් දැඩි අවදානමක්

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 11:
යේමනයේ ඓතිහාසික වරාය නගරයක් වන මෝකා (Mocha) හවුති කැරලිකරුවන් විසින් අත්පත් කරගෙන ඇති බවට වාර්තා පළවීමත් සමඟ රතු මුහුද ආශ්‍රිත කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් උණුසුම් වී තිබේ.

මෝකා වරාය පිහිටා ඇත්තේ රතු මුහුදේ ප්‍රධාන නාවික මාර්ගයකට ආසන්නව වන අතර, එම ප්‍රදේශය ලෝකයේ වැදගත්ම භාණ්ඩ හා බලශක්ති ප්‍රවාහන මාර්ගයක් ලෙස සැලකේ. ඒ අනුව, මෝකා වැනි උපායමාර්ගික වරායක් පාලනය කිරීම මගින් රතු මුහුද හරහා ගමන් කරන නෞකා සහ සැපයුම් මාර්ගවලට බලපෑම් ඇති කිරීමේ හැකියාව ඉහළ යා හැකි බවයි විශ්ලේෂකයන් සඳහන් කරන්නේ,

ඒ අනුව මෙම ගැටුම යේමනයේ අභ්‍යන්තර ගැටුමට පමණක් සීමා නොවී රතු මුහුදේ ජාත්‍යන්තර නාවික ආරක්ෂාව, ලෝක වෙළෙඳාම සහ බලශක්ති සැපයුම සම්බන්ධයෙන්ද සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි සිදුවීමක් වනු ඇති අතර මෙම කලාපයේ ආරක්ෂක තත්ත්වය තවදුරටත් පිරිහුණහොත් ආසියාව, යුරෝපය සහ මැදපෙරදිග අතර භාණ්ඩ ප්‍රවාහනයට බාධා ඇති වීමේ අවදානමක් පවතී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...

2027 අයවැයෙන් සංවර්ධන වැඩසටහන් සඳහා රුපියල් බිලියන 2,000ක් වෙන් කිරීමට සැලසුම්!

කොළඹ LNW:දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන ‘ප්‍රජා ශක්ති’...

ඉහළම පෙළේ රාජ්‍ය නිලධාරියෙක් විදෙස් රටකින් දේශපාලන රැකවරණ ඉල්ලලා ?

මෑතකදී යුරෝපා සංචාරයක නිරත වූ මෙරට ඉහළම පෙළේ රාජ්‍ය...