රෂිකා හෙන්නායක සැප්තැම්බර් 11, කොළඹ LNW :
‘එල් නිනෝ’ (El Niño) තත්ත්වයන් හේතුවෙන් පොල් වගාවට ඇති විය හැකි බලපෑම අවම කිරීම සඳහා විශේෂ සහනාධාර වැඩසටහනක් ආරම්භ කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය පියවර ගෙන තිබේ.
මේ සඳහා රුපියල් මිලියන 2,500ක මුදලක් වෙන් කර ඇති බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි මහතා ප්රකාශ කළේය.
මේ අතර, ‘එල් නිනෝ’ තත්ත්වය හේතුවෙන් මේ දක්වා පොල් වගාවට කිසිදු බලපෑමක් සිදුවී නොමැති බව ද පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේය.
කෙසේ වෙතත්, ඉදිරි මාස කිහිපය තුළ වියළි කාලගුණික තත්ත්වය දිගටම පැවතුණහොත් එය පොල් වගාවට බලපෑම් ඇති කළ හැකි බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.


