අගමැතිනියගේ ප්‍රධානත්වයෙන් Life Cities සංවර්ධන වැඩසටහන ඇරඹේ!

කොළඹ LNW:​කොන්ක්‍රීට් ගොඩනැගිලි ඉදිකිරීමෙන් පමණක් ජනතාවගේ ජීවිත ලස්සන කළ නොහැකි අතර නගරයක් එහි ජීවත්වන මිනිසුන් මෙන්ම සතුන් ඇතුළු සියලු දෙනාටම ආරක්ෂාව සහ අයිතිය හිමි ස්ථානයක් විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ ​”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්තියට අනුව ඉදිරිපත් කළ “නගර සංවර්ධනයට නව ප්‍රවේශයක්” යන අයවැය යෝජනාවට සමගාමීව ක්‍රියාත්මක වන “Life Cities” (ජීවන නගර) සංවර්ධන වැඩසටහනේ නිල සමාරම්භක උත්සවය අමතමිනි.

එය අද (11) කොළඹදී ආරම්භ විය.

​ජීවන නගර සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති සැලැස්ම, විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර විසින් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගැන්වීය.

අනතුරුව පළමු අදියර යටතේ සංවර්ධනය කෙරෙන මාතර, මඩකළපුව, මාතලේ, වව්නියාව, බදුල්ල, යාපනය, හලාවත, හැටන්, තලාව සහ ඇහැලියගොඩ යන නගරවල පළාත් පාලන නියෝජිතයින් වෙත එම ව්‍යාපෘති සැලැස්ම ලබා දෙන ලදී.

​මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

​අද මාධ්‍ය තුළත් ජනතාව අතරත් ප්‍රවාහන අමාත්‍යාංශය ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබෙනවා. ඒ, ප්‍රවාහන අමාත්‍යාංශය මගින් ප්‍රායෝගික සහ ජනතාවට වඩාත් සංවේදී ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමත් සමඟයි. ‘Life Cities’ කියන්නෙත් ඒ වගේ ව්‍යාපෘතියක්.

​කොන්ක්‍රීට් ගොඩනැගිලි හැදූ පලියට විතරක් මිනිසුන්ගේ ජීවිත ලස්සන වෙන්නේ නැහැ. කොළඹ දිස්ත්‍රික්කය ඊට හොඳම උදාහරණයයි. අපේ රටේ නගර ව්‍යාප්ත වුණේ නිවැරදි ක්‍රමවේදයකට නෙමෙයි, ඉතාම අවිධිමත් විදිහටයි.

​ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 44.5%ක් ජීවත් වෙන්නේ මේ අවිධිමත් ස්ථානවලයි. මේවා විධිමත් කරන්න කියලා යම් යම් කාලවලදී විවිධ ක්‍රියාමාර්ග ගත්තා. නගර ලස්සන කරන්න ඇතැම් පිරිස් නගරයෙන් ඉවත් කළා. ඒකේ ඵලවිපාක අපි අදටත් විඳිනවා. සම්ප්‍රදායික ගම සහ නගරය ගැන කතා කරනකොට නගරය හරිම සංකීර්ණයි, විවිධාකාරයි. නමුත් නගරය අයිති එක කොටසකට විතරයි කියන පදනමේ ඉදලා සංවර්ධනය කිරීම ඉතාම වැරදියි. නගරය සියලු දෙනාටම අයිතියි.

​’Life Cities’ ව්‍යාපෘතිය සඳහා නගර තෝරාගැනීමේදී ඉතාම විනිවිදභාවයෙන් යුත් ලකුණු දීමේ ක්‍රමවේදයක් භාවිත කිරීම ඉතාම වැදගත්. සෑම නගරයකටම අනන්‍යතාවක් තියෙනවා; ඒ අනන්‍යතාව අර්ථකථනය කරලා කටයුතු කළ යුතුයි. සේවාවන් සඳහා තියෙන ප්‍රවේශ අවස්ථා වගේම ඒවායේ ගුණාත්මකභාවය ගැනත් අපි අවධානය යොමු කළ යුතුයි. ඒ වගේම නගරය කියන්නේ කොන්ක්‍රීට් වනාන්තරයක් නෙමෙයි කියන එකත් අපි මතකයේ තියාගත යුතුයි. නගරයක ජීවත්වන මිනිසුන් වගේම සතුන් පවා ඒ නගරයේ කොටස්කරුවන්. ඒ සියලු දෙනාටම ආරක්ෂාව තියෙන නගරයක් අපි නිර්මාණය කළ යුතුයි. ජනතාව ගැන හිතන්නේ නැතුව නගර දියුණු කරන්න බැහැ.”

​ජීවන නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් ඒ සියල්ල කෙරෙහි අවධානය යොමු කරනු ඇතැයි විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පියයුරු පිළිකා කලින් හඳුනාගැනීමේ දිවයින පුරා විශේෂ වැඩසටහන නොවැම්බර් 02 වැනිදා..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ කාන්තාවන්...

ජීවිතය ගැන බය හිතෙන අනාවරණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ වසරකට...

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

Esna Holidays සමාගම John Keells Holdings වෙතින් Mackinnons Travels හිමිකර ගනී

නීතිවිරෝධී පිරමීඩ ආයතන 27ක් මහ බැංකුව විසින් හඳුනාගෙන නම් කෙරේ!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : ශ්‍රී ලංකා මහ...