කැබිනට් ඇමතිවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යයි !

නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යන තත්වයක් උද්ගත වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

පසුගිය සතියේදී රාජ්‍ය අමාත්‍යවරුන් 37 දෙනෙකු පත් කෙරුණු නමුත් කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම සම්බන්ධයෙන් ඒ වනවිටත් අවසන් එකඟතාවක් ඇතිවී තිබුණේ නැත.

මේ සති අන්තයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තය බලා යාමට නියමිත ය. ඒ, දෙවැනි එලිසබෙත් රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ය. එයින් අනතුරුව ඒ මහතා ඊට පෙර සිටම යොදාගත් ජපාන සංචාරය සඳහා පිටව යා යුතුව තිබේ. ඊට අමතරව 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීම සඳහා අවශ්‍ය කටයුතු ද මේ අතරම සිදු කළ යුතුව ඇත.

මේ සියල්ලම නිසා නව කැබිනට් අමාත්‍යවරුන් පත්කිරීම දින නියමයක් නොමැතිවම කල්යන ලකුණු පහළ වී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...