*
Friday, April 26, 2024
spot_img

Latest Posts

ජිනීවාවල පළවෙනි දවසෙම ලංකාවට දැඩි විවේචන

ජගත් මානව හිමිකම් කොමිසමේ 51 වැනි සැසිවාරය අද ස්විට්සර්ලන්තයේ ජිනීවාහිදී ආරම්භ විය. සැසිවාරය ආරම්භ වූයේ අභාවප්‍රාපප්ත වූ බ්‍රිතාන්‍ය මහ රැජින වෙනුවෙන් විනාඩියක නිහඬතාවයක් පවත්වමිනි.

පළමු දිනයේදීම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් 51 වැනි සැසිවාරය සඳහා ඉදිරිපත් කළ අතර එය ඉදිරිපත් කරමින් වැඩබලන මහ කොමසාරිස්වරිය සඳහන් කළේ අරගලකරුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව අනුගමනය කරන ක්‍රියාදාමය අනුමත කළ නොහැකි බවයි. ආර්ථික ගැටලු හේතුවෙන්, සහ සංචිත අර්බුදය හේතුවෙන් සාමාන්‍ය ජනතාව විඳින පීඩා සම්බන්ධයෙන් ඇය සාමාජික රටවල් දැනුවත් කළේය.

මානව හිමිකම් සැසිවාරය සඳහා සභාගි වී සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ ප්‍රධානී, විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සැසිවාරය ඇමතූ අතර ඔහු සඳහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් 22 වැනි සංශෝධනය ඇතුළු පියවර ගණනාවක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි. අරගලයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සිදුවූයේ රටේ පවත්නා නීති අනුව බවත්, ප්‍රචණ්ඩ ක්‍රියාවලට සම්බන්ධ පුද්ගලයන් මිස සාමකාමී අරගලකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවද ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර අරගලකරුවන් මර්දනය කිරීම ඇතුළු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ආණ්ඩුවට විරෝධයපළකරමින් ජිනීවාහිදී විරෝධතාවයක්ද පැවති අතර ඒ සඳහා යුරෝපා රටවල වාසය කරන ශ්‍රී ලාංකිකයන් පිරිසක් එක්ව සිටියේය.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan