පැරණි බොගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් මාරු කිරීම ලබන සතියේ සිට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 12, කොළඹ LNW :

විශ්‍රාමික බන්ධනාගාර නිලධාරීන් නැවත සේවයේ යෙදවීම පිළිබඳව සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

පවතින බන්ධනාගාර නිලධාරීන්ගේ හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගැන සලකා බලමින් සිටින බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා පැවසීය.

මේ අතර, පැරණි බොගම්බර බන්ධනාගාරය වෙත රැඳවියන් මාරු කිරීම ලබන සතියේ ආරම්භ වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතුවලින් සියයට 90ක් පමණ මේ වන විට අවසන් වී ඇති බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

එමෙන්ම, එම ස්ථානය සඳහා නිලධාරීන් අනුයුක්ත කිරීමේ කටයුතු ද මේ වන විට සිදු කෙරෙමින් පවතින බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...