සැප්තැම්බර් 12, කොළඹ LNW :
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ ඓතිහාසික රාජමහා විහාරස්ථානය මගින් සංවිධානය කරන ලද පෙරහැර මංගල්යය වීථි සංචාරය කෙරුණු අවස්ථාව වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එක් විය.
එහි දී සදාතුක කරඩුව මංගල හස්ථි රාජයා මතුපිට තැන්පත් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා එක්විය. එසේම මෙම අවස්ථාව හා එක්ව සිටි ජනතාව හමුවී ඔවුන් සමඟ සුහද පිළිසදරක යෙදීමට ද විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා කටයුතු කරන ලදි.



