බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන ස්වර්ණමය දශකයට චින ජනපතිගෙන් නව බලාපොරොත්තුවක්!

කොළඹ LNW:බ්‍රික්ස් රටවල නායකයින්ගේ 18වැනි සමුළුවේ පළමු අදියරේ රැස්වීම අද ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වුණා. බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය ලෝකයේ වැඩිම බලපෑමක් සහිත සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එහිදී ප්‍රකාශ කළා.

මෙම වසරේ බ්‍රික්ස් රටවල සහයෝගිතාවේ 20 වැනි සංවත්සරය සනිටුහන් කෙරෙන බව ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නා. ගෙවී ගිය දශක දෙක තුළ, බ්‍රික්ස් සහයෝගිතා යාන්ත්‍රණය පුළුල් වෙමින් අඛණ්ඩව නව ජීවගුණයක් පෙන්නුම් කර තිබෙනවා. මේ වනවිට, එය ලෝකයේ වැඩිම බලපෑමක් සහිත නැඟී එන වෙළඳපොළ මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල සහයෝගිතා වේදිකාව බවට පත්ව ඇතැයි ෂී ජින්පිං මහතා සඳහන් කළා.

බ්‍රික්ස් රටවල් ඉතිහාසයේ නිවැරදි දිශාවෙහි ස්ථිරව සිටිය යුතුයි. එමෙන්ම නවෝත්පාදන සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම, සාමය හා ස්ථාවරත්වය පවත්වා ගැනීම, ශිෂ්ටාචාර අතර අන්‍යෝන්‍ය ඉගෙනීම වැඩිදියුණු කිරීම සහ ගෝලීය පාලනය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පුරෝගාමීන් ලෙස කටයුතු කළ යුතු බව ද හෙතෙම පෙන්වා දුන්නා.

අභියෝග හා දුෂ්කරතාවලින් සපිරි ගෙවී ගිය දශක දෙක තුළ, සහයෝගිතාව සහ එකමුතුකම සැමවිටම බ්‍රික්ස් යාන්ත්‍රණයේ සංවර්ධනය සඳහා බලවේගය වී ඇති බව චීන ජනාධිපතිවරයා සඳහන් කළා. සමෘද්ධිය සහ ප්‍රගතිය සහිත දීප්තිමත් අනාගතයක් ඒකාබද්ධව නිර්මාණය කිරීම සඳහා බ්‍රික්ස් සහයෝගිතාවයේ තෙවන “ස්වර්ණමය දශකය” ඇරඹීමට අවශ්‍ය සහාය ලබා දීම සඳහා කැමැත්තෙන් සිටින බව ද චීන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මේ අතර චීනය ලබන වසරේදී බ්‍රික්ස් සභාපතිත්වය භාර ගන්නා අතර, බ්‍රික්ස් රටවල නායකයින්ගේ 19වැනි සමුළුවේ සත්කාරකත්වය ද දරනු ඇති බව ද එහිදී නිවේදනය කළා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...