Apple හි නව iPhone Duo එකට Samsungගෙන් Diss එකක්!

සටහන – පුලී

සැප්තැම්බර් 12, LNW (කොළඹ):Foldable phone ලෝකයට Apple අවසානයේ පිවිසෙද්දී, තාක්ෂණ ලෝකයේ දැනටමත් රජකම් කරන Samsungගෙන් ලැබුණු බව කියන අපූරු ඉඟියක් මේ වන විට බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබේ.

Apple විසින් සිය පළමු නැමිය හැකි දුරකථනය ලෙස iPhone Duo හඳුන්වා දී තිබෙන අතර, එයත් සමඟ Apple සහ Samsung අතර පවතින තරගය තවත් උණුසුම් වී ඇති බව පෙනේ.

නමුත් Apple සමාගමෙහි නව දුරකථනය ගැන ලෝකය කතා කරන්න පටන් ගත්තා විතරයි, Samsungහි ප්‍රචාරණ ලෝකය ඊට ප්‍රතිචාර ලෙස වෙළෙඳ දැන්වීම් පවා නිර්මාණය කර තිබෙන අයුරු දක්නට හැකි විය.

Samsung තම ප්‍රචාරණයකදී Apple හි නම කෙලින්ම සඳහන් නොකළත්, “නැමිය හැකි දුරකථන අපිට අලුත් දෙයක් නෙවෙයි” යන අදහසක් ලබාදෙන ආකාරයේ ඉඟියක් ලබාදී ඇති බව බොහෝ දෙනාගේ අදහස විය.

Appleහි iPhone Duo ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 2,000ක්. එය ඔක්තෝබර් 23 සිට වෙළඳපොළට පැමිණීමට නියමිත අතර, පෙර ඇණවුම් ඔක්තෝබර් 16 සිට ආරම්භ වීමට නියමිතය. 

iPhone Duo එකේ විශේෂත්වයක් වන්නේ එහි හැඩයයි. සාමාන්‍යයෙන් අපි දකින දිගු නැමිය හැකි දුරකථන වෙනුවට Apple තෝරාගෙන තිබෙන්නේ වඩාත් කෙටි සහ පළලින් වැඩි ආකෘතියක් වීම විශේෂත්වයකි.

දුරකථනය වසා ඇති විට අතේ පහසුවෙන් තබාගත හැකි ආකාරයටත්, දිගහැරූ විට පුළුල් තිර අත්දැකීමක් ලබාදෙන ආකාරයටත් එය නිර්මාණය කර තිබේ.

විශේෂයෙන් චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන් නැරඹීමේදී එම පුළුල් තිරය විශාල වාසියක් විය හැකියි. පිටත තිරයෙන් ඇතුළත විශාල තිරයට මාරුවීමත් මෘදුකාංග පහසුකම් හරහා පහසු කිරීමට Apple සමාගම කටයුතු කර ඇත.

ඒත් Samsung පැත්තෙන් බලන විට තරගය ආරම්භ වෙන්නේ අද ඊයේ නොවන අතර ඔවුන්  Galaxy Z Fold 8 මීට පෙර වෙළඳපොළට හඳුන්වා දී ඇති අතර, එහි ආරම්භක මිල ඇමෙරිකානු ඩොලර් 1,900ක් විය. එයද අතේ පහසුවෙන් තබාගත හැකි සංයුක්ත හැඩයකින් යුක්ත වන අතර, දිගහැරූ විට පුළුල් 4:3 අනුපාත තිරයක් ලබා දෙයි.

ඒ අනුව Apple සමාගමේ නව නිර්මාණය සහ Samsungගේ දැනටමත් ස්ථාපිත Fold මාලාව අතර සටන දැන් තවත් රසවත් වී තිබේ.

Apple රැගෙන එන්නේ අලුත් නිර්මාණයක් සහ Apple හි බ්‍රෑන්ඩ් එකේ බලය, Samsung සතුව තිබෙන්නේ නැමිය හැකි දුරකථන ක්ෂේත්‍රයේ දිගු අත්දැකීම සහ දැනටමත් ඇති පාරිභෝගික පදනම කීවොත් මා නිවැරදි ය.

එබැවින් Samsungගේ මේ ඉඟිය ඇත්තටම Appleට දුන් “Diss” එකක්ද, නැත්නම් සාමාන්‍ය ප්‍රචාරණ උපක්‍රමයක්ද කියන එක ගැන තාක්ෂණ ලෝකයේ කතාබහ තවත් ඉදිරියට යනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...