ගුරා නොදත් ගෝලයා දත් පාඩම : පවර් පොලිටික්ස් ….

කුමාර් කියන්නේ කවදාවත් වමේ කල්ට් එකෙන් එලියට එන්න බැරි උන චරිතයක් …

සීනි හදාගන්න එක, ගෑස්ටික් හදාගෙන බඩවැල්වල තුවාල හදාගන්න එක, හිරේ යන එක, දුෂ්කර ජීවිතක් ගතකරන එක ඒ ඔක්කොම අර වමේ නිකායවාදයේ පරමාදර්ශී කෑලි…

කුමර්ගෙ අයියා රංජිදම් 88 – 89 ජ.වි.පෙ. ඉදිරිපෙළ නායකයෙකු වීම සහ ඔහු කැරැල්ල තුල මියයාම, එසේම කුමාර් සම්බන්ධ 89 ප්‍රබන්ධ වීර කතා, මේ ඔක්කොම කුමාර්ට විජේවීර කල්ට් එකෙන් ගැලවෙන්ට බැරි ආත්මීය කෑලි වෙන්ට ඇති..

නමුත් අනුර කියන්නේ මේ වමේ කල්ට් එකෙන් එළියට ආපු චරිතයක් .. ඒ විතරකුත් නෙමේ ඔහුට වාමවාදය, ජාතිකවාදය, ලිබරල්වාදය යන මේ සියල්ල බලය සඳහා ඒ ඒ වෙලාවට උඩට ගන්නා ටූල්ස් පමණයි..

අනුරට 88 – 89 ගැඹුරට විහිදුණු අක්මුල් නැතිවීම, ප්‍රාමාණික හා කපටි දේශපාලන බුද්ධියක් ඇති පුත්ගලයෙක් වීම (සාර්ථක දේශපාලනඥයෙක්වීමට කපටිබව අත්‍යාවශ්‍ය සාධකයකි), වැඩි කාලයක් විවෘත හා පාර්ලිමේන්තු දේශපාලනයේ නියැලීම නිසා හා ලෝකෙ රටරටවල් වල දේශපාලනය දැකබලා ගැනීමට හැකිවීම නිසා ඔහුට “බල දේශපාලනය” කියන යථාර්ථය ප්‍රගුණ කරන්න අවස්ථාව ලැබෙන්න ඇති..

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...