සේනක බෞද්ධ රොකර් කෙනෙක්ද ?

සේනක බටගොඩ අප අතරින් සමුගෙන ගිහිල්ල. සේනක මම රොකර් නැත්නම් රොක් ආටිස්ට් (rock artist) කෙනෙක් හැටියට පිළිගන්නේ එයාගේ ටියුන්ස් නැත්නම් ස්ටයිල් එක හින්දම නෙවෙයි. රොක් ස්ටයිල් එකට අමතරව ඔහුගේ ගීත වලට ඔහු අධ්‍යාත්මයක් ඇතුල් කළා. අපි කවුරුද, අනන්තයට යනවාමයි, අපි සැනසිල්ලේ වගේ සින්දු කිහිපයක් ගත්තත් ඒ හැම එකකම වගේ යම් ගැඹුරු අධ්‍යාත්මයක් සහ ආත්මයක් ගැබ්වෙලා තිබ්බ.

ඒ අධ්‍යාත්මය සාන්දෘස්ටික එකක් කියන කියන්න පුළුවන් වගේම තව පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල ඕනිනම් බෞද්ධ අධ්‍යාත්මයක් හැටියට නම් කරන්නත් පුළුවන් (Buddhist rock).

අවසන් අර්ථයක් නැත්නම් අවසන් අනන්‍යතාවක් ඒ සිංදු වල (විශේෂයෙන් ”අපි කවුරුද” කියන ගීතයේ) ගැබ්වෙලා නැතුවා වගේම එහෙම නැති එකම යම් රැඩිකල් තත්වයක්.

ඇත්තටම අපි කවුරුද කියන අවසන් අර්ථයක් අපේ රටට අරන් එන්න අමාරුයි. සේනක ඒක රටක්, අවකාශයක්, භූමියක් ඇතුලේ හිරකරන්නේ නැතුව අහස පොළොව ගිණියම අනන්තය වගේ අසීමාන්තික තැනකට අරන් යනවා. අනන්තයක් දක්වා අරන් යනවා. ඒ කියන්නේ අර ආපෝ තේජෝ වායෝ වගේ ලෝකයේ ආරම්භය පැවැත්ම සහ අවසානය දක්වා අරන් යනවා. නිමක් නැහැ. අවසානයක් නැහැ.

රොක් කියන්නේ එහෙම වියුක්ත, කාල්පනික, දාර්ශනික වේදිකාවක්. ඒකට සේනකගේ ලිරික් හොඳට ගැලපුණා.

ඒවා තරමක් පෙරදිගයි. තරමක් බෞද්ධයි. ඒ නිසාම ගෝලීයයි.

සුබ ගමන් !

~ මහේෂ් හපුගොඩ

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දශකයක හරිත අභිමානය: උසස් අධ්‍යාපනයේ නව මානයන් තැනූ NSBM 10 වැනි සංවත්සර සැමරුම…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : සදාහරිත අනාගතයක ඇරඹුම...

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...