ලොකු පැටීගේ ප්‍රධාන වෙඩික්කරු ගැන විමර්ශන කළ නිලධාරීන් දෙදෙනෙක් CID අත්අඩංගුවට

ගිං ගඟේ පාවෙමින් තිබූ මළසිරුරක් පසුගිය ජුනි 23 වනදා පෝද්දල පොලීසියට හමුවී තිබුණු අතර එම මළසිරුර ලොකු පැටී නමැති පාතාල නායකයාගේ ප්‍රධාන වෙඩික්කරු වූ විරාජ් රෂ්මික ද සොයිසා හෙවත් අල්මේදා නමැත්තාගේ බව පසුව හඳුනාගෙන තිබිණි.

මේ අල්මේදා නමැත්තා ත්‍රිකුණාමලය, අහුංගල්ල හා ගාල්ල ප්‍රදේශවල ලොකු පැටීගේ මෙහෙයවීමෙන් සිදුකළ ඝාතන තුනකම වෙඩික්කරු ලෙස කටයුතු කර ඇති බවත් එමෙන්ම මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 13කට අධික ප්‍රමාණයක් සමඟ ඔහු එක් අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුට මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් ද චෝදනා රැසක් පවතින බවත් පොලීසිය ප්‍රකාශ කර තිබිණි.

තියුණු ආයුධයකින් ගෙලට පහරදීමෙන් ඔහුව ඝාතනය කර ඇති බව මරණ පරීක්ෂණයේදී අනාවරණය වී තිබුණු අතර ඔහුගේ මළසිරුර හමුවී තිබුණේ දෑත් හා දෙපා කොන්ක්‍රීට් කණුවක ගැටගසා ගිං ගඟට දමා තිබියදී ය. අල්මේදා නමැති මෙම වෙඩික්කරුගේ මරණයත් සමග ගාල්ල ප්‍රදේශයේ පාතාල කල්ලි ක්‍රියාකාරකම් අක්‍රිය වූ ආකාරයක් ද දක්නට ලැබී තිබිණි.

කෙසේවෙතත් මේ වනවිට මේ පුද්ගලයා සම්බන්ධයෙන් කලක් තිස්සේ විමර්ශන සිදුකළ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇති බව ආරංචිමාර්ග පවසයි.

පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව මෙම මරණය සම්බන්ධයෙන් CIDය සිදුකරන විමර්ශනයකදී මේ නිලධාරීන්ව මෙසේ අත් අඩංගුවට ගෙන ඇති බවත් සඳහන්.

අදාළ පාතාල වෙඩික්කරු සම්බන්ධයෙන් කලක් තිස්සේ විමර්ශන කළ නිලධාරීන් දෙදෙනෙකු මෙසේ පසුව අත් අඩංගුවට ගැනීම ගාල්ල ප්‍රදේශයේ බිම්මට්ටමේ අනෙකුත් පොලිස් නිලධාරීන් අතර ද විශාල පසුබෑමක් ඇතිකිරීමට හේතුවී ඇති බවත් ඔවුන් මේ වනවිට පාතාලයින් පිළිබඳ මහා පරිමාණ විමර්ශනවලට දායක වීමෙන් වැළකී සිටීමේ ප්‍රවණතාවක් ද ඇතිවෙමින් පවතින බවත් ආරංචිමාර්ග වැඩදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...