ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 අවසාන මහා තරගය අද (13)

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13, කොළඹ LNW :

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විස්සයි20 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය අද (13)

2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය වත්මන් ශූරියන් වන ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර අද (13) පැවැත්වේ.

මෙම කණ්ඩායම් දෙක 2024 තරගාවලියේ අවසාන මහා තරගයේදී ද එකිනෙකා හමු වූ අතර, එහිදී ජයග්‍රහණය හිමිකර ගනිමින් ආසියානු ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කාන්තා විස්සයි20 ආසියානු කුසලාන තරගාවලියක අවසාන මහා තරගයට සුදුසුකම් ලැබූ තෙවන අවස්ථාව මෙය වේ.

තරගාවලියේ වඩාත්ම සාර්ථක කණ්ඩායම වන ඉන්දියාව, 2012 වසරේ සිට විස්සයි20 ආකෘතියෙන් පැවැත්වූ සෑම කාන්තා ආසියානු කුසලාන තරගාවලියකම අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ඇත.

ඉන්දියාව තෙවරක් මෙම ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.

මෙම තීරණාත්මක අවසාන මහා තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, එය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 8:00 ට ආරම්භ වීමට නියමිතය.

අවසාන මහා තරගය TV 1 නාලිකාව ඔස්සේ සහ www.sirasatv.lk වෙබ් අඩවිය ඔස්සේ සජීවීව නැරඹිය හැකිය.

මෙම තරගාවලියේ මෙරට නිල විකාශන අයිතිය හිමි කරගෙන ඇත්තේ මහරාජා මීඩියා නෙට්වර්ක් ආයතනයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අදවන් දිනෙක; ලොවම මවිත කළ බොක්සිං සටන!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ප්‍රබල...

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...