Friday, September 22, 2023
spot_img

Latest Posts

ගැටළුව ඉන්දීය ජයග්‍රහණයේ නොවේය,ශ්‍රී ලංකාවේ පරාජයේ ය.

ජයග්‍රහණ 13 ට පස්සෙ පරාජයක්.ඒ නිසා ඒ පරාජය විවේචනයට බඳුන් නොවිය යුතුයි.ඇතැමුන්ගේ තර්කය එය විය හැකිය.අවාසනාවකට මෙන් ජයග්‍රහණ ඇතුළේ ද පරාජයන් තිබුණු බව සහ අන් කණ්ඩායම්වලින් පරාජයට ඇති කරගත් ඉඩ ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය වූ බව සිතෙන විට ඉන්දියාව පරාජය භාර ගන්නට සූදානම් නැති කණ්ඩායමක් විදිහට ශ්‍රී ලංකාවට ජය ගන්නට ඉඩ දුන්නේ නැත.


ඉන්දියාව ලකුණු 213 ට සීමා කිරිම ම,ශ්‍රී ලංකාව ලැබූ ජයක්ය.දිනකට පෙර පකිස්තානයට එරෙහිව ලකුණු 356 ක් ලැබූ ඉන්දියාවට එසේ කිරීමම ජයක්ය.ඒ සඳහා විශේෂයෙන්ම දායක වූයේ දුනිත් වෙල්ලාලගේය.ඔහු ලකුණු 40 ට කඩුලු 5 ක් දවා ගනිමින් කැපී පෙනෙන පන්දු යැවීමක නියැලිණි.ඉන්දියාවේ සැළසුම් තුළ නොසිටි චරිත් අසලංක කඩුලු 4 ක් ලකුණු 18 ට දවා ගැනීමට සමත් වෙමින් වෙල්ලාලගේ කාර්ය තවත් පළල් කළේ ඉන්දීය ඉණිමට විශාල බාධකයක් වෙමින්ය.


පන්දු ඕවර් 11.1 දී පළවෙනි කඩුල්ල දැවී යන විට ලකුණු 80 ක් දවා සිටි ඉන්දීය ඉණිම ලකුණු 213 ට සීමා කිරීම පිටුපස එම පන්දු ඕවර් 11 තුළ පන්දු යැවූ කසුන් රාජිත,දසුන් ශානක,මහේෂ් තීක්ෂණ සහ මතීශ පතිරණට සාර්ථක වන්නට නොහැකි විය.12 වන ඕවරයේ වෙල්ලාලගේ ඉන්දීය සාර්ථකත්වයේ රිද්මය බිඳ දමන තුරු රොහිත් ෂර්මා සහ ෂුබ්මන් ගිල් නිදහසේ පහර දුන්හ.අනතුරුව නිත්‍ය පන්දු යවන්නන්ට එරෙහිව සිඳුවන ප්‍රහාරය නිසා චරිත් අසලංක පන්දු යැවීමට කැඳ වූ අතර එය කදිමට ගැලපිණි.
මෑත ඉතිහාසයේ ශ්‍රි ලංකාව වෙනුවෙන් අංක අට පිතිකරු ලෙස මෙන්ම සාර්ථකම පන්දු යැවීමේ එක්දින තරග දත්තද හිමිව තිබියදී කණ්ඩායමෙන් එළියේ සිටින්නට සිඳු වී ඇති චාමික කරුණාරත්නගේ වගකීම දරමින් ඉන්දියාව වෙනුවෙන් අක්ෂාර් පටෙල් ලකුණු 26 ක් ලබමින් ඉන්දියාව ලකුණු 200 වෙත ළඟා නොකරන්නට ඉන්දියා ඉණ්මට ලකුණු 200 වෙත යන්නට අවස්ථාවක් නොලැබෙන්නට තිබුණු ඉඩ බොහෝය.චාමික සහ දසුන් ශානකට ඇති සම හැකියාව නිසා නායකයා ලෙස දසුන් කණ්ඩායම තුළ සිටිය යුතුම බැවින් චාමික එළියෙන් තැබීම ලෝක කුසලානයටද අදාළ කාරණයක් වී ඇති අතර මේ වන විට තේරීම් කමිටුව ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ද යම් යම් තීරණවලට එළැඹෙන තත්ත්වයේ පසුවීම සහ විවේචන මතුවීම සිඳුවෙමින් තිබෙන නිසා බොහෝ කාරණා ගැන ප්‍රමෝදය වික්‍රමසිංහ ඇතුළු කණ්ඩායමට පසුව මුහුණ දෙන්නට සිඳු විය හැකිය.
කෙසේ නමුත් ශ්‍රී ලංකා පිතකරණයට චාමිකගේ ස්ථානයේ පන්දුවට පහර දුන් දුනිත් වෙල්ලාලගේ අක්ෂාර් පටෙල්ටත් වඩා හොඳින් සිය වගකීම ඉටු කළේය.පන්දුවෙන් දැක් වූ දස්කම් හා සමානවම ඔහු ඉන්දීය පිතිකරුවන් ඉදිරියේ නොදැවෙමින් එකතු කළ ලකුණු 42 ඉන්දියාව විසින් ඇති කර තිබූ පීඩනය නැවත ඔවුන් දෙසට හැරවීමක් තරමටම ප්‍රබල වූවක්ය.හත්වන කඩුල්ලට ලකුණු 63 ක් එක් කරන්නට ධනංජය ද සිල්වා සමඟ එක් වූ දුනිත් ශ්‍රි ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය සම්බන්ධයෙන් බලාපොරොත්තු යළි ඉහළට ගෙන ආවත්,ලකුණු 162 දී ධනංජය එල්ල කළ අනවශ්‍ය පහරකින් කඩුල්ල අහිමි කර ගැනීමත් සමඟ ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණය ඈත තල්ලු වෙන්නට විය.තවත් ලකුණු 10 ක් එකතු වෙද්දී ශ්‍රී ලංකා ඉණිම ලකුණු 172 ට සීමා වූයේ අත තිබූ ජයක් ඉන්දියාවට පරිත්‍යාග කරමින්ය.
ඉන්දීය ඉණිමම දග පන්දුවට ගොඳුරු විය.ඒ පණිවිඩය ශ්‍රී ලංකාවට වැදගත් එකකි.කුල්දිප් යාදෙව් මෙන්ම,රවින්ද්‍ර ජඩේජා ද,අක්ෂාර් පටෙල් ද ඉන්දියාව සතුය.නමුත් එතරම් දඟ පන්දුවට හිතකර තණතීරුවක ශ්‍රි ලංකාව කඩුලු 4ක් ම දෙන්නේ ඉන්දීය වේග පන්දු යවන්නන්ටය.ඔවුන්ට සීරුවෙන් පන්දුවට පහර දුන් බවක් ද නොදුටුවේය.එය ඉන්දීය වේග පන්දු යවන්නන්ගේ දක්ෂතාවයනම් ඔවුන් ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන්ට වඩා ඉදිරියෙන් සිටින බව පැහැදිළිය.එසේ නොවේනම් වේග පන්දුවට සහය නොදෙන තත්ත්වයක වුව අපේ පිතිකරුවන්ගේ දුර්වලකම් නිසා ඔවුන්ට කඩුලු ලබා ගැනීම අසීරු නොවන බව පිළිගත යුතුය.

විශේෂයෙන් දිමුත් කරුණාරත්නගෙන් ලැබුණ ලකුණු ගැන පසුගිය කාලයේ බොහෝ සතුටු හිතෙන දේ පැතිරෙනු දුටුවේය.ඇත්තටම ඔහු නායකයෙක් ලෙස එක් දින කණ්ඩායමට හොඳින් නායකත්වය දෙමින් සිටියදී එම වගකීමෙන් ඉවත් කළේය.ඊට පසුව තේරීම් කමිටුව වැරද්ද නිවැරදි කරේ වැරදි තැනකය.මේ මොහොත වන විට දිමුත් සිටින්නේ ලෝකයේ වේගයෙන් පන්දුවට පහර දෙන රටාවට තරමක් පසුපසින්ය.එය වරදක් නිවැරදි කිරිමට වඩා දිමුත් පිට තවත් වැරදිවල බර පැටවිය හැකි ලෙස සැදෑලක් ඇතිරිමක් වැනිය.
ක්‍රිකට් දේශපාලනය ඇතුළතදී මෙන්ම භූ දේශපාලනය ඇතුළතදීත් ප්‍රබල ඉන්දියාව හරහා ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් ලෙස ලැබුණු ආසියානු තරගාවලියේ සංවිධාන දායකත්වය මේ මොහොතේ රටේ දේශපාලනය විසින් ඉටු කළ යුතු කාරණා,සුබසාධන ව්‍යාපෘති විදිහට රට වෙනුවෙන් කර දෙන ශ්‍රි ලංකා ක්‍රිකට් අරමුදලට ශක්තියක්ය.නමුත් මේ තරගයේදී වැදගත් වූයේ ඉන්දියාව ඒ සියල්ල හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පරිණත ද යන්නය.
ක්‍රීඩාවේ විශාල අභියෝග ඔවුන් කුඩා බවට පත් කරන ක්‍රියාවලියේ ඇති දැවන්ත කණ්ඩායම් ක්‍රියාකාරීත්වයේ බැදීම ඔවුන් ඊයෙ සජීවිව ප්‍රදර්ශණය කළ එකක්ය.ලකුණු 213 ක් ආරක්ෂා කර ගැනිම වෙනුවෙන් ඔවුන් තුළ ගොඩ නැඟුණු පීඩනයක් වෙනුවට හැම මුහුණකම දකින්නට තිබුණේ දැඩි විශ්වාසයක්ය.ශාරිරික චලනයන් නිරන්තරයෙන් යහපත් සේ දිස්විණි.නාඹර කොළු රෑනක් සේ ඔවුන් සෑම අවස්ථාවකම එක්ව රොක්ව සිය හැඟීම්වලට සතුට තවරා ගැනීම අපූරු විය.


ඉන්දියාවට දැඬිව කළකට පෙර ඔට්ටු ඇල්ලීම ප්‍රශ්නයක්ව තිබිණ.බුකී කරුවන් නිසා වැඩිම ගැටළු ගණනාවක් තිබුණේ ඉන්දියාවටය.නමුත් අද වන විට එය ගැටළුවක් නොවන්නේ ඔට්ටු ඇල්ලීමට නීත්‍යානුකූල මුහුණුවරක් එක් වී තිබීම නිසාය.තරග පාවාදීම සඳහා දත්ත සැපයීම වැනි කාරණා නිසා ශ්‍රී ලංකාව ක්‍රීඩකයින් හිටුවා පස් ගසන්නට වෙහෙසෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රහයට ද ඔට්ටු අල්ලන ආයතන පැමිණේ.ඒව ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් නොනැවතී ක්‍රීඩා ඇඳුමේම ඇලි ගැලී සිටියි.ඒවා නීතියෙන් වලංගු රටක පොලිසියට නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කිරිමට සිඳුව ඇත.ඔට්ටු අල්ලන ආයතන ක්‍රිකට්වලට වියදම් දරන අතර එවැනි ආයතනවල අනුග්‍රහයෙන් මුදල් ලබන ක්‍රීඩකයෙක්,එම නිල ගිවිසුමෙන් පිට ගොස් එවැනි ආයතනයකට මුදල් සැපයීම බරපතල වරදක්ය.දැලි පිහියෙන් කිරි කෑමට නියෝග කර, දිවේ සුළු කැපීමක් ඇති වීම,නොසැළකිල්ලෙන් වැඩ කිරිමක් සේ සළකා දඬුවම් කිරීමට සමාන මේ ක්‍රියාවලිය පිටුපස සිටින්නේ ද අයිපීඑල් හරහා ක්‍රිකට් වානිජකරණය වීමමය.සමහර විට ඉදිරියේදී යම් කරුණු ප්‍රමාණයක් බුකි කරුවන්ට පවසා ක්‍රීඩකයෙක්ට ඉපැයිය හැකිය යන්නද නීතියම විය හැකි මට්ටමට ඉන්දියාව ක්‍රිකට් හී වානිජමය හැඩය පළල් කරමින් ඇත.
මේ සියල්ල සමඟම ඉන්දියාව සිය ක්‍රීඩකයන්ගේ ක්‍රිඩා රටාවට ඇති කරන වෙනස්කම් සහ සැළකිල්ල අතර ඇති සබඳතාවය හරහා ඉන්දීය ක්‍රිකට් හී තරගකාරී හැඩය ගුණාත්මකව වර්ධනය කරමින් තිබෙන බව ද ඇත්තය.ඒ නිසා ඔවුහූ එක අතපසුවීමක් වෙනස් කර ගත හැකි මාර්ග බොහෝ ගණනකින් පොහොසත්ව සිටිති.ශ්‍රි ලංකාවට එරෙහිව ඊයේ පැවති තරගයද පිතිකරණයේ දී වූ අතපසුවීම ඉන්දීය හැඩයෙන් මාර්ග කිහිපයකින් වෙනස් කර ගැනීමේ හැකියාව ඉන්දියාව සතුව තිබෙන බව පැහැදිළි කර ගැනීමට හැකියාව ලැබිණ.ඒ ක්‍රියාමාර්ග අතර ක්‍රීඩා කිරීම නොවන දේ ද තිබිය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ මතුවෙන ඇතැම් කාරණා ද,සැළකිල්ලට යොමු කළාට කම් නැත.


සතුටු වෙන්නට දේ නැතුවා නොවේ.නමුත් දුක් වෙන්නට ඇති දේ වෙනස් කර ගැනීමට සාකච්ඡා කළ යුතුය.ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව පරාජය කළා නොවේය.හ්‍රී ලංකාව පරාජය වූවාය යන හැඟීම ඇති වීම දුකට කාරණයක්ය.දුක නැති කිරිම බරපතල කාරණයක් වුව,පටු සතුට වෙනුවෙන් රටක්ම දුකේ හෙළිම නොකිරීමේ වගකීමක් ක්‍රිකට් ක්‍රීඩාවේ වගකීම් දරන සියල්ලන්ටම තිබිය යුතුය.දුක ඇතුළෙ දුටුව ඉහළම සතුට වූ දුනිත් වෙල්ලාලගේ සිය තුන් ඉරියව් දස්කම් තුළින් තරගයේ වීරයා වීම සහ ඔහු ක්‍රීඩා කළ රටාව අතිශයින්ම ආසක්ත එකක් විය.එයට තරගයේ වීරයා සම්මානය හිමිවීම සාධාරණය.නමුත් ඒ වීරත්වයේ වටිනාකම අනාගතයට ඉතුරු කර ගැනිම ක්‍රීඩා භාරකරුවන්ගේ වගකීමය.
තරගයේ ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකිය.
https://www.espncricinfo.com/series/asia-cup-2023-1388374/sri-lanka-vs-india-10th-match-super-four-1388407/full-scorecard

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.