ජාතියේ අසාර්ථක බවේ රහස මහින්දද ?

සුද්දා හදලා ලොකු වත්කම් සංචිතයකුත් එක්ක කරගෙන යන්ට අතටම දීලා ගිය සිස්ටම් එකවත් හරියට කරගන්ට බැරි උන ජාතියක් අපි.. ඇත්තටම ගත්තම අපි මොන මගුලක්වත් කරගන්න බැරි හොඳටම අනාගෙන කෙළවගත්ත ජනකොටසක් ..

හැබැයි අපිට මේක පිළිගන්ට බෑ, ඒ නිසා මේ අසාර්ථක බව පටවන්ට ප්‍රබන්ධ බාහිර සතුරෙක් අපි හැම වෙලේම මවා ගන්නවා..

එතනදි ඌ තමා අපිට කෙළෙව්වේ කියලා හිතහදාගෙන, අපි මාර අභිමානවත් ජාතියක් කියන හිස් උඩඟුකමේ දිගටම ඉන්නවා..

අවුරුදු තිහක් තිස්සෙ අපිට කෙළවපු ජාතියේ මාරයා විදියට අපි මවාගෙන සිටි යක්ෂයා උනේ රට කඩන ප්‍රබාකරන්.. දැනට අවුරුදු දොලහකට කලින් මහින්ද ජාතියේ මහා සතුරා ඝාතනය කරලා අපිව ප්‍රබන්ධ උතුරු කුරු තවුතිසාවෙ හිඳුවැව්වා …

ඊලඟට අපිට ආයෙත් අපේම අසාර්ථක බාවයේ යථ ආයේ ආයෙම සම්මුඛ උනා…

ඊලඟට අපි අපේ බිස්නස් කොල්ලකන, වඳ කොත්තු, වඳ බ්‍රෙෂියර් අරන් අපිව වඳකරන්ට එන මුසල්මානු සතුරෙක් මවාගෙන ඌට තඩිගහන්ට ගත්තා. කොහොම හරි සාපිගෙ සීන් එක හරහා ඒක බොරුවක් කියලා හෙලි උන නිසා මුසල්මානු හතුරගෙ සීන් එක වැඩිකල් නැගල ගියේ නෑ..

ඊලඟට ආපහු අපේ කාලකන්නි අසමත්බාවයේ යථ අපිට ආපහු සම්මුඛ උනා..

එතනදි අපිට හම්බඋනේ අපේ සල්ලිවලින් විජේ රාමේ සැප ගන්න මහින්දව (අපේ පරණ වීරයා).. දැන් වැඩේ නැගලා යනවා…

හැබැයි ඊළඟට මේ ජනමනතාව ඔවුන්ගේ අසමත්භාවයේ රහස විදියට හොයාගන්න ඊලඟ සතුරා වෙන්නෙ මහින්දව එළියට දාපු වම්මු ටික ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...