සමහර ඇමතිලා අඳින කෝට් එකත් ලක්ෂ 08 යි, 2500 ඒ්වා අඳින මම නං පඩි ගන්නවා – සුරේන් රාඝවන්

Date:

රාජ්‍ය ඇමතිවරුන් සිය තනතුරු බාර ගත්තේ කිසිදු දීමනාවක් හෝ වරප්‍රසාදයක් නොමැතිව බව ප්‍රකාශ කළද රාජ්‍ය ඇමතිවරුන්ට හිමිවන වරප්‍රසාද පිළිබඳව මේ වනවිට හෙලිදරව් වී තිබෙනවා. මන්ත්‍රීවරයෙකුට හිමි වැටුප පමණක් රාජ්‍ය ඇමතිවරුන්ට හිමිවන අතර කෙසේ නමුත් වාහන, පෞද්ගලික කාර්ය මණ්ඩලය, ඉන්ධන ඇතුළු වෙනත් සියලුම දීමනා ඔවුන්ට හිමි වේ.

මේ සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී සේවයේ සාකච්ඡාවකට සහභාගිවෙමින් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය සුරේන් රාඝවන් මහතා ප්‍රකාශ කළේ වැටුප් ලබා නොගෙන තමන්ට සේවය කළ නොහැකි බවයි. මන්ත්‍රී වැටුප සිය එකම ආදායම් මාර්ගය බවත්, එය නොමැති වුවහොත් ජීවත්වීමද ගැටලුවක් බවත් ඔහු පවසනවා.

කෙසේ නමුත් කිසිදු දූෂණයකට හෝ වංචාවකට ඉඩ නොතබා සිය ඇමති ධුරයට අදාල රාජකාරි අකුරටම ඉටු කිරීමටත් ජනතාවට උපරිම සේවයක් සිදු කිරීමටත් කටයුතු කරන බව ඔහු වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.

සුරේන් රාඝවන් මහතා වැඩිදුරටත් පවසන්නේ ඇතැම් මැති ඇමතිවරුන් නම් පාර්ලිමේන්තුවට පැමිණෙන විට අඳින ඇඳුම් සඳහා පවා ලක්ෂ ගණන් වැය කරන බවයි. ඇතැම් මන්ත්‍රීවරුන් පළඳින කබාය රුපියල් ලක්ෂ 08 – 09 ක් පමණ වටිනා බවයි. ඔවුන් ආණ්ඩුවේ වාහන ලබා ගත්තද ඊට වඩා වටිනා වාහන ඔවුන්ගේ නිවෙස්වල තිබෙන බවද රාජ්‍ය ඇමතිවරයා පෙන්වා දෙනවා.

මහජන සේවකයෙකු ලෙස සාමාන්‍ය වැටුපක් ලබන ඔවුන් එවැනි වටිනා භාණ්ඩ සඳහා වියදම් කරන්නේ කෙසේද යන්න තමාට ගැටලුවක් බවද ඔහු පවසනවා.

වැටුප් හෝ කිසිදු වරප්‍රසායක් ලබා‌ නොගෙන අතින් වියදම් කරගෙන තනතුරු දැරීමේ හැකියාව බොහෝ ඇමතිවරුන්ට තිබුණද මන්ත්‍රී වැටුප එකම ආදායම් මාර්ගය වූ තමාට නම් වැටුප් ලබා නොගෙන සේවය කරන බවට පොරොන්දු විය නොහැකි බව සුරේන් රාඝවන් මහතා සඳහන් කරනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...