*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

උස උසම තැනක තබන්නට වත්තල ලයිසියම් සමත් වෙයි.

ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙලේ දෙවන දිනය නිමාවන විට නව උළෙල වාර්තා හයක් වාර්තා වි ඇත.මේ අතර මේ දක්වා නිමාව දුටු උස පැනිමේ තරගවලදී වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල ද කැපී පෙනෙන දස්කම් පෙන්වා ඇත.යොවුන් ක්‍රීඩකයෙක් ලෙස ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට ගිය උස පැනීමේ ක්‍රීඩකයෙක් වන නිපුන නිර්මාල් යටතේ පුහුණුව ලබන තරිඳු මෙණ්ඩිස් මේ අය අතරින් කැපී පෙණුනේ අවුරුදු 16 න් පහළ බාලන උස පැනීමේ තරගයේදී තමන් සකුව පැවති උළෙල වාර්තාව ඉක්මවා මීටර් 2.00 ක උසක් තරණය කර නව උළෙල වාර්තාවක් තැබීම නිසාය.එසේම ජාත්‍යන්තරය පවා නියෝජනය කර ඇති සිතුලි සාදිත්‍යා ද,මේ වන විට ලයිසියම් ජාත්‍යන්තර පාසලේම සිසුවියක වන අතර ඇය අනපේක්ෂිත ලෙස සිය ඉසව්වේදී සිය පාසලේම සඳලිමා කුලරත්න ඉදිරයේ දෙවන තැනට පත් වූවාය.
තරිඳු මෙණ්ඩිස්ට අමතරව නව වාර්තාලාභීන් අතර දෙදෙනෙක්ම අනාගත මලල ක්‍රීඩා බලාපොරොත්තු ලෙස හ්‍රී ලංකාව විසින් රැක ගත යුතු බව ඔප්පු කළ,මේ වන විටත් ජාත්‍යන්තරයේ ද අවධානය දිනා ගෙන සිටින ක්‍රීඩකයෝය.ඒ අතරින් මෑත කාලයේ පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් තරගාවලියේ රිදී පදක්කම්ලාභි අඹගමුව විද්‍යාලයේ අයෝමාල් අකලංක ජොන් ටාබට් පාසල් මලල ක්‍රීඩා සූරතාවලියේ අවුරුදු 18 න් පහළ මීටර් 400 කඩුලු පැනිමේ වාර්තාව සිය නමට ලියා ගත්තේ තත්පර 51.85 න් ය.

Tharusha mendis 1st place and new meet record 2.00m (PB)


එසේම ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ තුන් පිම්ම ඉසව්වේ දී ලෝකඩ පදක්කමක් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සමත් වූ මලිත් යසිරු මීටර් 16.19 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්ව ජය ගැනීමට සමත් වූයේ නව වාර්තාගත දස්කමක් ජොන් ටාබට් මලල ක්‍රීඩා ඉතිහාසයට එක් කරමින්ය.අයෝමාල් අකලංක නියෝජනය කරන අඹගමුව විද්‍යාලයෙන් මෑත කාලයේ ජයග්‍රාහයන් නිර්මාණය වන තරමටම ඔවුන්ගේ බොහෝ දක්ෂතා වාර්තාමය වීම කැපී පෙණෙන සිදුවීමක් වී ඇත.ඒ අනුව අනුර බණ්ඩාරගේ මග පෙන්වීමෙන් පිියට පිවිසි අවුරුදු 16 න් පහළ බාලිකා මීටර් 400 කඩුලු තරගයට ඉදිරිපත් වූ යූ.එම්.එස් හිමාෂනී ද එම ඉසව්වෙන් විනාඩි 1:05.3 ක කාලයක් ගත කළේ වාර්තා පොත් අතර සිය නම රඳවමින්ය.


ඇය එම වාර්තාව මූලික තරගයේදී වාර්තා කරන විට අවසන් තරග සඳහා පමණක් විද්‍යුත් කාලඝනක භාවිතයට සංවිධායකයන් ගෙන තිබූ තීරණය නිසා එම වාර්තාව මිට වඩා පොහොසත් වන්නටත් තිබුණු අවස්ථාව අහිමි විය.කෙසේ වුව ද,ඇයට වාර්තාවේ ඉහළට ඔසවා ගැනීමේ හැකියාව අහිමි වීම හා සමානම අවසාන තරගයේදී පළමු ස්ථානය දිනා ගැනීමේ අවස්ථාවද අහිමි කරමින් නුවර මහාමායා බාලිකාවේ සස්වි සෙනවිරත්න එම ඉසව්ව ජය ගත්තාය.එම අවස්ථාව මූලික තරගයේදී අයෝමාල් අකලංක පිහිට වූ වාර්තාවට ද බල පෑ අතර කාලඝනක නිලධාරින් කෙතරම් පළපුරුදු වුව ද ප්‍රතිචාර දැක්වීමට ගතවන තත්පර දශම ගණනින් වුව කීඩා ඉසව්වට සහ ක්‍රීඩකයාට විය හැකි හානිය සුළුවෙන් ගත නොහැකිය.
ගම්පොළ වික්‍රමබාහු විද්‍යාලයේ එම්.ජි.ටී.ඒ.ප්‍රේමසිරි මීටර් 800 බාලිකා තරගය ජය ගත්තේද නව වාර්තාවක් තබමින්ය.ඇය එම ඉසව්ව විනාඩි 2:14.0 න් නිම කරන්නට සමත් වූවාය.මීටර් 200 අවුරුදු 16 ක් පහළ තරගය ජය ගත්තේ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සෙව්වන්දි ප්‍රනාන්දු ය.ඇය වාර්තාගත තත්පර 25.61 ක දක්ෂතාවයක් දැක් වූවාය.

පසාල් ලෙස සිය සුපුරුදු ජයග්‍රාහී රිද්මයේ රැදෙන්නට වලල ඒ රත්නායකය සමත්කම් දක්වමින් තරග ඉසව් ගණනාවකදී ඉදිරයෙන් සිටි අතර වත්තල ලයිසියම් මෙන්ම මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලය ද ඉහළ දස්කම් පෙන්වීය.
ක්‍රියාත්මක වූ රිටි පැනීම් ඉසව් තරගවලදී පමුණුව සනත් ගුණරත්නගේ ගෝල කණ්ඩායම සහ යාපනය ක්‍රීඩක කණ්ඩායම් අතර ද්වන්ද තරගයක් දකින්නට තිබුණ අතර,එහිදී වැඩි ජයග්‍රහණ ගණනාවක් දිනා ගනු ලැබුවේ සනත් ගුණරත්නගේ කණ්ඩාමය.වගකීම හෙට ගැන බැවින් අත අරින්නට කිසිඳු දෙයක්, අද තිබිය නොහැකිය.ජෝන් ටාබට් මලල ක්‍රීඩා උළෙල මෙන්ම පාසල් මට්ටමේ කණිෂ්ඨ සහ යොවුන් සියලු තරගවලදී ආරක්ෂා කළ යුතුම තත්ත්වය මෙය වන්නේය.
ඡායාරූපවල සිටින්නේ වත්තල ලයිසියම් විද්‍යාලයේ උස පැනීමේ ජයග්‍රහණ ලැබූ තරිදු මෙණ්ඩිස්,සඳලිකා කුලරත්න සහ සිතුලි සාදිත්‍යා ය.ඒ සමඟ පුහුණුකරු නිපුන නිර්මාල් ද වෙයි.

සටහන – නිෂ්මං රණසිංහ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan