ආර්ථිකය බංකොළොත්වීමට බලපෑ හේතු විමසයි

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ආර්ථිකය බංකොළොත්වීමට හේතුවූ කාරණා සම්බන්ධයෙන් සාක්ෂි ලබාගැනීම සඳහා, ආර්ථික බංකොළොත්භාවය සෙවීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා අද (15)කැඳවා ඇති බව වාර්තා වේ. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතාද අද දිනයේ කාරක සභාව හමුවට කැඳවා ඇති බවයි.

තවද කාරක සභාව හමුවට විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින් ඉදිරිපත් කළ වාර්තා අධ්‍යයය කිරීමද මීට සමගාමීව සිදු කෙරෙනු ඇති. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත් වීමෙන් පසු බදු අඩු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මෙරට ආර්ථිකය බංකොළොත්වීමට බලපා ඇති බවට විශ්වවිද්‍යාල ආර්ථික විද්‍යාඥයින් ආදාළ වාර්තාවලින් පාර්ලිමේන්තු විහේෂ කාරක සභාවට පෙන්වා දී තිබේ.

ආර්ථිකය බංකොලොත්වීමට බලපෑ ඔවුන් පෙන්වා දුන් සෙසු කරුණු අතර, කොවිඩ් වසංගතයත් සමග ආර්ථික ක්‍රියාවලිය සංකෝචනය වීම, රජය අසීමිත ලෙස ස්වයිරී බැඳුම්කර නිකුත් කිරීම මෙන්ම , පරිභෝජන ආර්ථිකයකට හුරු වීම යන කාරණා ඇතුළත් වන අතර, ඔවුන් පෙන්වා දුන් කරුණු මත පදනම්ව කාරක සභාවේ ඉදිරි විමර්ශන මෙහෙයවන බව සාගර කාරියවසම් මහතා පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...