හෙදියන්ට රාජකාරී වේලාවේ ජංගම දුරකතන භාවිතය තහනම්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශීක්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමට සිදු වූයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැළකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකිරීම හේතුවෙන් බවට තොරතුරු හෙළි වීමත් සමග යාපනය ශික්ෂණ රෝහල තුළ හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කර ඇති බව වාර්තා වේ. ඒ උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මත බවයි පවසෙන්නේ.

එමෙන්ම හෙදියට එරෙහිව සාක්ෂි ලබාදී ඇති බොහෝ රෝගීන් ප්‍රකාශ කර ඇත්තේ එම හෙදිය සිය ජංගම දුරකතනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා අතර රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවයි. අදාළ කරුණු සැළකිල්ලට ගනිමින් යාපනය ශික්ෂණ රෝහලේ හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට පළමු පියවරක් වශයෙන් ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කර ඇති බව සඳහන් වේ.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ව්සින්, කඩිනමින් උතුරේ සියළුම රෝහල්වල හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලවලට රාජකාරී අවස්ථාවලදී ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කිරීමට පියවර ගන්නා බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘බස් ලලිත්’ගේ යැයි සැක කෙරෙන ගිනි අවි කිහිපයක් සොයා ගැනේ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: "බස් ලලිත්" යන අන්වර්ථ...

රු.මි. 8.4ක අල්ලස් චෝදනාවට චාමර සම්පත් යළි රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10, කොළඹ LNW: පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත්...

යාපනයේ රුපියල් මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

යාපනයේ රු මිලියන 1.7 ක රාත්‍රී සොරකමේ මහමොළකරු එංගලන්තේ නීතීඥවරියක්!

නිහඬ ඔවුන් වෙනුවෙන් හඬක් නඟන්නට මාධ්‍යවේදීන්ට මහඟු අවස්තාවක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 10 කොළඹ LNW : පාඨමාලා ලාභී මාධ්‍යවේදියෙකු...