සල්ලිවලින් උපයන්න බැරි ක්‍රිකට් හැකියාවන්ට පාර කියන වෙළද දේවා ක්‍රිකට් වෙතින් ගෘහස්ථ පුහුණුවට පිවිසේ

Date:

වෙළද සේවා ක්‍රිකට් සංගමය වෙළදාමට එහා යන දානපති භූමිකාවක නිරතවන තැනක් බවට පත්වන්නේ මූල්‍යමය ලාභය ඉක්මවා ඉපයිය හැකි මානව සම්පත් ඒ හරහා සංවර්ධනය වන බැවිනි.ආසන්නම ඉතිහාසයේ ඔවුන් සිය අකඩමියේ පුහුණුව ලබන තරුණ කණ්ඩායමකට එංගලන්තයේ සංචාර අවස්ථාවක්ද ලබා දුන් අතර වත්මන් සභාපති නලීන් වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ඉදිරියේදී එවැනි තරුණ කණ්ඩායම් විශාල ප්‍රමාණයක් සහභාගි වන තරගාවලියකට උර දෙන්නට වෙළද සේවා ක්‍රිකට් සංගමය සූදානම් බවය.
නලීන් මේ බව සඳහන් කළේ වෙළද දේවා ක්‍රිකට් සංගම් මූලස්ථානය කේන්ද්‍ර කරගෙන ආරම්භ කළ ගෘහස්ථ ක්‍රීඩා පිටිය,ශ්‍රී ලංකා ක්‍රිකට් හී සභාපති ශම්මි සිල්වා අතින් විවෘත වූ උත්සව සභාව ඉදිරියේ කරුණු දක්වමින්ය.එම අවස්ථාව සරසන්නට සකස් කළ වීඩියෝ වැඩ සටහන් හරහා ජාතික කණ්ඩායමේ පිරිමි සහ කාන්තා යන දෙ’අංශයම නියෝජනය කරන ක්‍රීඩකයින් වෙළද සේවා ක්‍රිකට් සංගමයේ සම්පත් දායකත්වය ඇතුව දියුණු කරගත් සිය ක්‍රීඩා කෞශල්‍යය ගැන කරුණු දැක්වීය.
කොළම එස්එස්සී ක්‍රීඩා පිටිය ආසන්නෙය් විද්‍යා මාවතේ පිහිටි වෙළධ සේවා ගෘහස්ථ ක්‍රිකට් පිටිය ඉදිරියේදී ජාතික මට්ටමේ මෙන්ම ජාතික මට්ටමට පය තැබීමේ අපේක්ෂාවෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ටත් ඉදිරයට යන්නට මෙන්ම තම ස්ථාවරයන් ආරක්ෂා කර ගන්නට විශාල පිටිවහලක් වනු ඇතැයි සිතිය හැකිය.මේ සමඟ දැක්වෙන්නේ එම විවෘත කිරීමේ අවස්ථාවට අදාළ ඡායාරූප පෙළකි.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මාලිමාව බලපිටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරදී

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි බලපිටිය...

බාල ඖෂධ : ප්‍රශ්නගත ඉන්දීය සමාගමේ සියලුම එන්නත් භාවිතය තාවකාලිකව අත්හිටුවයි !

'ඔන්ඩැන්සෙට්‍රෝන්' එන්නත නිෂ්පාදනය කළ ඉන්දියාවේ මාන් ෆාමසූටිකල් පෞද්ගලික සමාගම...

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...