ජවිපෙ ආවොත් මොකද වෙන්නෙ? නන්දනගෙන් පිළිතුරු

Date:

1999 ජවිපේ ජනාධිපති අපේක්ෂක සියල්ල පාවා දෙමින් මාධ්‍ය හමුවක – ප්‍රේමකීර්ති ඝාතනයත් පක්ෂයේ ගිණුමට එක්කරයි – රටට වූ හානියට වරද පිළිගනී

මාධ්‍යවේදියෙකු සහ ගේය පද රචකයෙකු වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඝාතනය කර දැමුවේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් බව කලක් එම දේශපාලන කඳවුර නියෝජනය කළ සහ 1999 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක නන්දන ගුණතිලක මහතා පවසනවා.

එවකට තමන් ඇතුළු පිරිසට දේශපාලනය පිළිබඳ මනා අවබෝධයක් නොතිබූ බවත් තම සංවිධානයේ නායකයන් කී නිසා ඇතැම් කරුණු පිළිගත් බවත් ඒ හේතුවෙන් විශාල වරදක් තමන් අතින් සිදුවූ බවත් ඔහු සඳහන් කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්.

ඉන්දීය හමුදාවට එරෙහිව දියත් කළ කැරැල්ල පිළිබඳ තමන් කණගාටුවන බවත් බොරු බිල්ලෙකු තම නායකයින් විසින් තමන් ඉදිරිපිට මවා තිබූ බවත් හැඟවෙන අයුරින් අදහස් ප්‍රකාශ කරන නන්දන ගුණතිලක මහතා එදා ඇති වූ කැරැල්ල මර්ධනය සඳහා රජය ගෙන ගිය මර්ධන කාරී වැඩපිළිවෙළ ද අනුමත කර තිබීම ද විශේෂත්වයක්.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණ කෙදිනක හෝ රාජ්‍ය බලය අත්පත් කරගත හොත් තම ජීවිතය අනතුරට පත්වනු ඇති බවට දැඩි සැකයක් තමන් තුළ ඇති බවද ඔහු මෙහිදී සදනහන් කර තිබෙනවා.

නන්දන ගුණතිලක මහතා 2005 වසරේ සිට මහින්ද රාජපක්ෂ කඳවුර නියෝජනය කර ඇති අතර 2014 වසරෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එක්වී ඇති අතර මේ වන විට ඔහු එක්සත් ජාතික පක්ෂයේ පානදුර ආසනයේ සංවිධායකවරයා ලෙස කටයුතු කරනු ලබනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එස්එස්සී ඉහළට

නිශ්මං රණසිංහ ජනවාරි 26, කොළඹ LNW: ඉකුත් වසරේ දක්වන ලද...

ඉරානයට පහර දුන්නොත් ‘සම්පූර්ණ යුද්ධයක්’ ඇති වන බවට ඉරාකයේ Kataib Hezbollah සංවිධානය අනතුරු අඟවයි

රෂිකා හෙන්නායක ජනවාරි 26 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකා එක්සත්...

චීනයේ ඉහලම ජෙනරාල්වරයකු න්‍යෂ්ටික හා මිසයිල සම්බන්ධ රාජ්‍ය රහස් එක්සත් ජනපදයට කාන්දු කළ බවට චෝදනා ලබයි

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 26: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): චීනයේ ජ්‍යෙෂ්ඨතම හමුදා...

2025 අපනයන ආදායමේ කැපී පෙනෙන වෙනසක් – වෙලා තියෙන වෙනස මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: 2025 දී ශ්‍රී ලංකාවේ අපනයන අංශය...