බිල් ගෙවන්න බැරිනම් පන්සල්වල සෝලා ගහගන්න – කංචනගෙන් සෝභිත හිමිට ප්‍රතිචාර

මාසික විදුලි බිල දරාගත නොහැකි නම් ඊට විසඳුම බිල් ගෙවීම පැහැර හැරීම නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

විශේෂයෙන්ම විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථානවලට සූර්ය පැනල හරහා විදුලි නිෂ්පාදනය කිරීම හඳුන්වා දීම සුදුසු බව ඇමතිවරයා පවසයි. ඒ සඳහා ආගමික ස්ථානවල ප්‍රධානීන්, ආගමික නායකයන් පෙරමුණ ගතයුතු බවත්, රටේ දේශපාලනය පිළිබඳව මනා අවබෝධයක් සහිත ඕමල්පේ සෝභිත හිමි එවැනි ව්‍යාපෘතියක නායකත්වය ගැනීමට වඩාත් සුදුසු බවත් කංචන විජේසේකර මහතා පවසනවා.

එසේ වුවහොත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ලෙස තමා ඊට උපරිම දායකත්වය ලබාදෙන බවද සඳහන් කරයි.

මෑතකදී සිදුකළ විදුලි ගාස්තු සංශෝධනය හරහා ආගමික ස්ථානවල විදුලි බිල කිහිප ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඕමල්පේ සෝභිත හිමි පසුගිය දිනවලදී දැඩිලෙස විරෝධය පළකරමින් කියා සිටියේ තම විහාරස්ථානයේ විදුලි බිල ගෙවිය නොහැකි බවයි. ගෙවිය හැකි වුවද බිල නොගෙවන බවත්, විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව ජාතික මට්ටමේ විරෝධතාවයක් ආරම්භ කරන බවත් සෝභිත හිමි පවසා තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් කංචන විජේසේකර අමාත්‍යවරයා පවසන්නේ විදුලි බිල ගෙවීම පැහැර හරින්නැයි උපදෙස් දෙමින් ජනතාව කුපිත කිරීම සෝභිත හිමි වැනි ආගමික නායකයෙකුට සුදුසු යැයි තමන් නොසිතන බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාවට බලය හිමි පඬුවස්නුවර අයවැය පරදී

ජාතික ජන බලවේගයට බලය හිමි පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවේ 2027...

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...