ලන්ඩන් නගර සභාවලට අයවිය යුතු පවුම් මිලියන 145කට ලංකාවත් කොටස්කාරයෙක්?

Date:

සටහන: නිපුනි ලියනගේ

කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ලන්ඩනයේ පිහිටි විදේශ තානාපති කාර්යාල, මධ්‍යම ලන්ඩනයේ නගර සීමාවේ දෛනිකව අයකරන බදු (congestion charges) වශයෙන් පවුම් මිලියන ගණනක මුදලක් එරටට ගෙවිය යුතු බව බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලය නිවේදනය කරයි.

මේ වන විට විවිධ රටවල විදෙස් මෙහෙයුම්වලින් ලන්ඩනයට ගෙවීමට ඇති මුළු බදු ප්‍රමාණය පවුම් මිලියන 145 කට වඩා වැඩි ය. ඒ අනුව, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විසින් ගෙවිය යුතු මුළු හිඟ මුදල පවුම් 652,120ක් බව පාර්ලිමේන්තු උප ලේකම් (විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාලය) ඩේවිඩ් රට්ලි එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට ලිඛිත පිළිතුරක් දෙමින් කියා සිටියේය.

මෙය ශ්‍රී ලංකා රුපියල්වලින් රු. මිලියන 260 කට අධික මුදලකි.

“රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය යටතේ, රාජ්‍ය තාන්ත්‍රිකයන්ට නීති සහ රෙගුලාසිවලට ගරු කිරීමට බැඳී සිටිනවා. එබැවින් බ්‍රිතාන්‍ය රජය සියලුම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල එක්සත් රාජධානියේ නීති සහ රෙගුලාසිවලට ගරු කරනු ඇතැයි අපේක්ෂා කර සිටිනවා, එයට ගාස්තු ගෙවීම ද ඇතුළත් වනවා,” යනුවෙන් ඔහුගේ නිවේදනයේ සඳහන් විය.

මෙලෙස බදු පියවිය යුතු අනෙකුත් රටවල් අතර එක්සත් ජනපදය, ජපානය, පෝලන්තය, ප්රංශය සහ ජර්මනිය වේ.

ලන්ඩන් තදබද ගාස්තුව (congestion charges) යනු මධ්‍යම ලන්ඩනයේ නගර සීමාවේ දෛනිකව (පවුම් 08 බැගින්) අයකරන බද්දක්වන අතර, එය සඳුදා සිට සිකුරාදා දක්වා උදෑසන 7 සිට සවස 6 දක්වා සහ සති අන්තයේ දහවල් 12 සිට සවස 6 දක්වා ධාවනය වන බොහෝ මෝටර් රථ සහ මෝටර් රථ සඳහා අය කරන ගාස්තුවකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...