බොක්සිං විනිසුරු සහ තීරක පාඨමාලාවක්

Date:

ජාතික බොක්සිං විනිසුරුවන්ගේ සහ තීරකයන්ගේ දැනුම ප්‍රවර්ධනය කිරිමට සහ යාවත්කාලීන කිරීමට පාඨමාලාවක් සකස් කිරීමට ශ්‍රී ලංකා බොක්සිං සංගමයට අනුබද්ධිත බොක්සිං තීරකවරුන්ගේ සහ විනිසුරුවන්ගේ කවුන්සිලය මූලිකත්වය ගෙන කටයුතු කරයි.


ජාත්‍යන්තර දැනුම සහිතව ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබෙන මෙම පාඨමාලාව සිද්ධාන්ත සහ ප්‍රයෝගික ක්‍රියාකාරකම්වලින් පොහොසත් කිරීමට කටයුතු සැළසුම් සකස් කර තිබෙනවා.ඒ අනුව සැප්තැම්බර් 29 සහ 30 යන දෙදින තුළ මෙහි සිද්ධාන්ත කරුණු ඉගැන්වීම කොළඹ සුගතදාස ක්‍රීඩා හෝටලය පරිශ්‍රයේදී සිඳු කිරිමට නියමිත අතර එහි ප්‍රායෝගික හැදෑරීම් සඳහා ඔක්තොම්බර් 1 දා සිට 4 වන දා දක්වා කොළම සුගතදාස ක්‍රීඩාංගණයේ පැවත්වෙන ලේටන් කුසලාන බොක්සිං තරගාවලිය යොදා ගැනීමට කටයුතු කර ඇත.


මෙම පාඨමාලාව හැදෑරීම සඳහා රුපියල් 20 000 ක ගාස්තුවක් අයෙකුගෙන් අය තෙරෙන අතර අදාළ අයදුම්පත් සැප්තැම්බර් මස 20 වන දාට පෙර යොමු කළ යුතුය.බොක්සිං පසුබිමක් සහිත සහ ඉංග්‍රිසියෙන් වැඩ කිරීමට ඇති මනා හැකියාව මෙම පාඨමලාවේදී වැදගත් වන අතර වැඩි විස්තර ලබා ගැනීම සඳහා 0773420339 (වසන්ත) අංකයට හෝ 0777305695 (හේමන්ත) යන අය ඇමතීමෙන් හැකියාව ඇත.

සටහන – නිෂ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...