හෙල්ලෙන වැල්පාලම ශක්තිමත් කළ හැක්කේ ඔබටයි – ජනපති

Date:

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 17, කොළඹ (LNW):
සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අසීරුවෙන් රට ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් සිදුවිය යුත්තේ එය බව ද කියා සිටියේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය හිමිව තිබෙන්නේ මේ වන විටත් ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සඳහා බව පැවසු ජනාධිපතිවරයා ජනතාව ඉදිරියට පැමිණ බොරු පොරොන්දු දෙන සජිත්ට හෝ අනුරට රට ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළක් නොමැති බවද සඳහන් කළේය.

ඊයේ (16) පස්වරුවේ වැල්ලවායේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේය.

ජන රැලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,

” හම්බන්තොට කර්මාන්ත දියුණු වන විට එහි ආයෝජන කලාපයක් මෙම වැල්ලවාය ප්‍රදේශයට ද ලැබෙනවා. ඒ වගේම මොණාරගල අප පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අප ඉල්ලා සිටින්නේ මෙම වැඩසටහන් ඉදිරියට ගෙනයාමේ ජනවරමයි.

මේ රටේ තරුණ තරුණියන්ට වසර 04ක් රැකියා හිමි වුණේ නැහැ. ලබන වසරේ රජයේ සහ පුද්ගලි අංශයේ ස්වයං රැකියා ලක්ෂයක් අප ඇති කරනවා.

ඒ වගේම තවත් 50,000කට තමන් කැමති ආයතනයක පුහුණුවක් ලැබීම සඳහා මුදල් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා.

මේ සඳහා අප වැල්පාලමේ ගමන අවසන් කළයුතුයි. අපට තව ටිකක් ඉදිරියට යාමට තිබෙනවා. දැන් වැල්පාලම ටිකක් සෙළවෙනවා. සැප්තැම්බර් 21 වනදා ජනතාව සිය යුතුකම ඉටු කරනවා නම් අපට මේ වැල්පාලමේ ගමන සාර්ථකව අවසන් කළ හැකියි. වැල්පාලමෙන් එගොඩ වන දරුවාගේ අයිතිය ගැනීමට අද නතාලියාලා දෙදෙනෙක් ඉන්නවා. දෙදෙනාටම කථා කළ හැකි නමුත් වැඩ කරන්න බැහැ.

ඒ නිසා මොවුන්ට රටේ අනාගතය භාර දෙන්න බැහැ. අපි ඉදිරියට යනවානම් IMF සහාය සමඟ ඉදිරියට යා යුතුයි. එම සහාය හිමිව තිබෙන්නේ මේ වන විට ආණ්ඩුව ක්‍රියාත්මක කර ඇති වැඩසටහන සඳහා බව ද කිවයුතුයි.

අප මේ ගැන පැවසු විට හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසයි.

සජිත් ඕන දෙයක් නොමිලේ දෙන්න ලෑස්තියි. ඔහු ඉදිරියට කියයි හිසරදයත් නොමිලේ දෙනවා කියලා. නමුත් අපි අසීරුවෙන් ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සඳහා සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස මම සියලුදෙනාගෙන් ඉල්ලනවා”

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: රස-ගුණ සපිරි පාස්තා සැලඩ් එකක් රස විඳිමු! – Cool, Fresh, and Flavor-Packed: Pasta Salad You’ll Crave

සෑම අඟහරුවාදා දිනකම “Tasty Tuesdays” තුළින් ඔබට ආහාර පාන,...

මෙවර Toronto චිත්‍රපට උළෙලේදී ජනතාවගේ තේරීමේ සම්මානය දිනා ගත් “Hamnet”!

සටහන – පුලී සැප්තැම්බර් 16, කොළඹ (LNW):  ක්ලෝයි ෂාඕගේ Hamnet...

ස්විට්සර්ලන්තය සමඟ සම්බන්ධතා තරකරගන්න ශ්‍රී ලංකා රජයට අවස්ථාවක්!

කොළඹ LNW: අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී...

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය දෙන්න අවස්ථාව!

කොළඹ LNW: විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්දය ප්‍රකාශ කළ හැකි...