සයිබර් ප්‍රහාරය ගැන විමර්ශන

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): තාක්ෂණ හා ආයෝජන ප්‍රවර්ධන වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතා විසින් සිදුකළ දැනුම්දීමකට අනුව රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපිනයන්වලට එල්ල වූ සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එම සයිබර් ප්‍රහාරය 2023 අගෝස්තු මස 26 වැනි දින එල්ල වූ අතර ඉන් කැබිනට් කාර්යාලය ඇතුළු රජයේ ආයතන රැසක විද්‍යුත් ලිපිනයන්වල දත්ත අහිමි වී ඇති බවයි සඳහන් වන්නේ.

වැඩබලන අමාත්‍ය කනක හේරත් මහතා කියා සිටියේ , එම සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනයෙන් සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් වාර්තාවක් කැඳවා ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු කොරියාව යුක්රේනයෙන් සමාව ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 28: දකුණු කොරියානු...

වැසි තත්වයේ වෙනසක් – අද (28) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (සැප්තැම්බර් 28) දිනයේදී බස්නාහිර සහ...

ධම්මිකගේ හේලීස් සුපිරි වෙළඳසැල් ජාලයේ පළමුවැන්න ඉදිකිරීමට ගිවිසුම් අත්සන් කරයි

Hayleys Retail හි ප්‍රථම සුපිරි වෙළඳසැල කොළඹ 10 ප්‍රදේශයේ...

ඉදිරි මාස තුන සඳහාත් ඉන්ධන මිලට සහනාධාරයක්. කැබිනට් පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

සටහන - රුවන් නෙළුගොල්ල ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යන...