වඳුරු උණ චීනයටත් ගිහින්

Date:

පසුගිය කාලයේදී ලොවපුරා රටවල් කිහිපයකින් වාර්තා වූ වඳුරු උණ රෝගය චීනයටද ව්‍යාප්ත වී ඇති බව වාර්තා වේ. මෑතකදී චීනයට පැමිණි පුද්ගලයෙකුට වඳුරු උණ වෛරසය ආසාදනය වී ඇති බවයි චීන සෞඛ්‍ය බළධාරීන් අනාවරණය කරගෙන තිබෙන්නේ.

අදාල පුද්ගලයා චීනයට පැමිණීමෙන් අනතුරුව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටියදී සමේ කැක්කුම ඇතුළු රෝග ලක්ෂණ කිහිපයක් වාර්තාවීමත් පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා.

කොවිඩ් වසංගතය හේතුවෙන් චීනයට පැමිණෙන සෑම පුද්ගලයෙකුම සති 1-2 අතර කාලසීමාවක නිරෝධායනයට යටත් වියයුතුය. මෙම තත්වය හේතුවෙන් වඳුරු උණ ආසාදිතයාගෙන් සමාජයට වෛරසය බෝවීම අවහිර වී තිබෙනවා.

හඳුනා ගත් ආසාදිතයා වෛද්‍ය අධීක්ෂණය යටතේ ස්ථාවර තත්වයක පසුවන බවයි චීන සෞඛ්‍ය බළධාරීන් පවසන්නේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිව් වරක් අභ්‍යවකාශයට ගිය පළමු ගගනගාමි Jim Lovell ගේ අවසන් ගමන…

රෂිකා හෙන්නායක අගෝස්තු 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 1968 සිදුකළ අපොලෝ...

දකුණු ආසියාවේ ඉහලම ධනවතුන් අතරට ලංකාවෙන් ඉෂාර!

සටහන: සශිකලා මධුෂාණි දකුණු ආසියාවේ ඉහලම ඩොලර් බිලියනපතියන් අතරට...

තුසිත හල්ලොලුවත් අතුරුදන් ?

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු මෙන්ම හිටපු ජනාධිපති...