පාකිස්තානයේ මුස්ලිම් පල්ලියකට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයක් හේතුවෙන් 27 දෙනෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණී
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 18 :
පාකිස්තානයේ වයඹදිග කයිබර් පක්තුන්ක්වා ප්‍රාන්තයේ කොහාට් නගරයේ මුස්ලිම් පල්ලියක් ආසන්නයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මියගොස් 50කට අධික පිරිසක් තුවාල ලබා තිබේ.

මෙම මාරාන්තික ප්‍රහාරය පාකිස්තාන තලේබාන් සංවිධානය හෙවත් TTP විසින් සිදුකළ බවට සැකයක් මතුව ඇති අතර ප්‍රහාරයේ වගකීම එම සංවිධානය විසින් භාරගෙන ඇති බවට මෙතෙක් තහවුරු වී නොමැත.

බෝම්බ ප්‍රහාරය යාඥා සඳහා ජනතාව පල්ලියට රැස්ව සිටි අවස්ථාවක සිදුව ඇති අතර සිද්ධියෙන් පසු ආරක්ෂක අංශ ප්‍රදේශය වටලා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර, මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවටද වාර්තා පළ වී තිබේ. ප්‍රහාරයේ නිශ්චිත ස්වභාවය සහ වගකීම භාරගත් පාකිස්තාන තලේබාන් සංවිධානයට (TTP) සම්බන්ධයෙන් පාකිස්තාන බලධාරීන් වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...