බංග්ලාදේශ අන්තර්වාර ආණ්ඩුව එරට හමුදාවට මහේස්ත්‍රාත් බලතල ලබා දේ

0
751

සටහන: සශිකලා මධුෂාණි
සැප්තැම්බර් 19; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංගලිදේශයේ අන්තර්වාර ආන්ඩුව විසින් එරට හමුදාවට නීතිය හා සාමය පවත්වාගෙන යාම සඳහා මහේස්ත්‍රාත් බලතල ලබා දී ඇති බව වාර්තා වේ.

නව බලපතල ප්‍රධානය කිරීම යටතේ හමුදා නිලධාරීන්ට ප්‍රාදේශීය පොලිස් බලතල ලැබෙනු ඇති අතර ඔවුන්ට සෝදිසි කිරීම් සහ අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළ හැකි අතර විශාල රැස්වීම් විසුරුවා හැරීමට බලය ඇත. එමන්ම යුද හමුදාවට මහේස්ත්‍රාත් බලතල පැවරීමෙන් පොලිසිය සහ බන්ධනාගාරය සම්බන්ධ කටයුතු මෙන්ම විධායක මහේස්ත්‍රාත්වරුන්ගේ කාර්ය භාරය ඉටු කිරීමට හමුදාවට මෙමඟින් ඉඩ සැලසේ.

මේ සම්බන්ධයෙන් එරට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද නියෝගය දිස්ත්‍රික් මට්ටමින් අදාළ වන්නේ දැයි නිශ්චිතව දක්වා නොමැති අතර උපදෙස් “සම්පූර්ණ බංග්ලාදේශයටම” අදාළ වන බව සඳහන් කෙරේ.

පසුගිය මාසයේ රට පුරා පැතිරී ගිය විරෝධතවයන්ගෙන් අනතුරුව අගෝස්තු මස 05වන දා ෂීක් හසීනා පලා යාමෙන් අනතුරුව මහාචාර්ය මුහම්මද් යුනුස්ගේ නායකත්වය යටතේ රටේ පැවති ස්ථාවරත්වය බිඳ වැටීමේ ප්‍රබල සලකුණක්වන බවයි ජාත්‍යන්තර මාධ්‍ය මෙම තත්වය හඳුන්වා දෙන්නේ,